ලංකාවේ කිරට ඇමරිකා අත හිත ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සදහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගීතා සංවිධානයක් වන International Executive Services Corps ( IESC) හි සහයෝගය පළ කර තිබේ. 03 November 2023
අනතුරින් සිසුන් 7ක් රෝහලේ හොරණ සිට මහරගම දක්වා ගමන් ගන්නා මාර්ගයේ ආදර්ශ හංදියේදී අද (3) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7 දෙනෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි. හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. 03 November 2023
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි කොළඹ 11,12,13,14 හා 15 යන ප්‍රදේශවලට හෙට(4) පස්වරු 7.00 සිට අනිද්දා (5) පෙරවරු 5.00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 03 November 2023
පාකිස්තාන මැතිවරණයට දින නියම වෙයි පාකිස්තාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි 8 වැනිදා පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 03 November 2023
වලවේ ගඟ දෙපස පදිංචිකරුවන්ට අනතුරු ඇඟවීමක් උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘතකර ඇති බැවින් අම්බලන්තොට වලවේ ගඟ දෙපස පදිංචි කරුවන් හා ගඟ පරිහරණය කරන අය ප්‍ර වේශම් විය යුතු බව හම්බන්තොට වාරි මාර් ග ඉංජිනේරු මාලා සමරක්කොඩි මහත්මිය සඳහන් කළාය. 03 November 2023
ඊශ්‍රායල හමුදාව ගාසා නගරය වට කරයි ඊශ්‍රායල හමුදාව මේ වනවිට ගාසා තීරයේ ගාසා නගරය වට කරමින්, හමාස් සටන්කාමීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි. 03 November 2023
ඇමෙරිකන් ඩ්‍රෝන යානා ගාසා අහසේ හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් සොයමින්, ඇමෙරිකන් ඩ්‍රෝන යානා, ගාසා තීරයට ඉහළින් අහසේ සැරිසරන බව වාර්තා වේ. 03 November 2023
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඊශ්‍රායලයේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යළි ඊශ්‍රායලයට පැමිණීමට නියමිතය. 03 November 2023
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දියා රජය ඩොලර් මිලියන 15 ක් ශ්‍රී ලංකාවට අද (2) ප්රදානය කළේය. 03 November 2023
බැංකුවේ ලක්ෂ 50 අහුලා බැංකුවටම දීලා මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) මහතා ඊයේ (02) සවස කටයුතු කළේය. 03 November 2023
වැස්ස අද තවත් වැඩි වේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් වර්ධනය විමක අද දිනයේ බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 November 2023
පොලිස්පතිට සේවා දිගුවක් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ. 03 November 2023
තබ්ලා වාදක නිශාන්ත දිවි සැරිය නිමා කරයි සුප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පීයකු වන නිශාන්ත සිරිවර්ධන මහතා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (02) දා සවස මියගිය බව ඔහුගේ පුත් කුෂාන් සිරිවර්ධන මහතා පවසයි . 02 November 2023
බදුවලට එරෙහිව වෛද්‍ය සංසදයත් වර්ජනයට එකඟයි අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ද සහයෝගය ලබාදෙන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය. 02 November 2023
වතු ගෙවල් දහදාහකට කොළඹ සිට මුල් ගල තබයි කොටගල මවුන්ට් වර්නන් වතුයායේ පහළ දිඹුල කලාපයේ නිවාස දස දහසක ව්‍යපෘතිය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මාලා සීතාරාමන් මහත්ම මහත්මීහු කොළඹ සිට මාර්ගත ක්‍රමය මගින් මුල් ගල තැබූහ. 02 November 2023
මගී ජීවිත 30ක් බේරුණු බස් අනතුර මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය 10 කනුව ප්‍රදේශයෙදි මාර්ගයෙන් ඉවතට පෙරළී ගියන මගී 30 දෙනකුගේ පමණ ජීවිත නූලෙන් බේරුණු මදුරන්කුලිය පොලිසිය කියයි. 02 November 2023
ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතට ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයේ තරඟ දෙකක් ඉතිරිව තිබියදීම ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අද (2) ඉවත්වීමට සිදුවිය. 02 November 2023
හිරේ ඉන්න සැමියා බිරිය ලවා රජ ගේම් දීලා බෝගම්බර සිපිරි ගෙයි සිට සිය භාර්යාව සමග සම්බන්ධවී විදෙස් සංචාරක බෝකර් වරයකු ලෙස රගපාමින් අම්බලන්ගොඩ තිදෙනෙකුගෙන් වංචා සහගත ලෙස මුදල් ගිණුමට දමා ගත්තේ යයි කියන එම රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුගේ බිරිය අද (2) පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 02 November 2023
14 දියණියට පිහියකින් කෙටූ තාත්තා අත්අඩංගුවට මාතලේ ,පලාපත්වල කිරිගල්පොත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටින අවුරුදු 14ක් වයස දැරියකට පිහියකින් කොටා බරපතළ තුවාල සිදු කළේ යැයි කියනඑම දැරියගේ පියා මාතලේ මුලස්ථාන පොලීසිය විසින් ඊයේ (2)සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 02 November 2023
ශ්‍රී ලංකාවට ලකුණු 358 ක ඉලක්කයක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 357 ක් රැස්කිරීමට සමත්විය. 02 November 2023
පළාත් පාලන සේවකයෝ 4800ක් ස්ථිර සේවයට පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතන වල මෙතෙක් ස්ථිර නැති සේවකයින් 8400 දෙනකු කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 02 November 2023
ඊශ්‍රායල විදේශිකයෝ දේශසීමා හරහා ඊජිප්තුවට ගාසා තීරයේ ඊජිප්තුව හා සම්බන්ධ රෆා දේශසීමාව, හමාස් සටන්කාමින්ගේ ප්‍රාණ ඇපයේ සිටි විදේශිකයන් සඳහාත්, තුවාල ලැබූ පලස්තීනුවන් සඳහාත් මේ වනවිට විවෘත වී ඇත. 02 November 2023
මැතිවරණ ක්‍රම වෙනස් කරන කොමිසමට ’’අත්තටු’’ දෙයි මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කිරීමේ ගැසට් නිවේදනය හෙට (3) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 02 November 2023
දැන් බෝම්බ දැම්මා ඇති නේද? - බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පළමු වරට ඊශ්‍රායලයට දන්වා සිටියේ මානුෂීය හේතූන් සැලකිල්ලට ගනිමින් ගාසා තීරයට එල්ල බෝම්බ දැමීම නැවැත්විය යුතු බවය. 02 November 2023
ඔටුන්න හිමි කුමරිය දිවුරුම් දෙයි ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය. 02 November 2023
මහියංගන - මහනුවර මාර්ගයට ගසක් කඩා වැටේ මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මතට පල්ලෙකැලේ ප්‍රදේශයේ දී විශාල ගසක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පැවසීය. 02 November 2023
ඉන්දියාවට ණය ගෙවන්න කෝටි විසි තුන් දාහක් වෙන් කරන්න යයි ඉන්දියානු ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසි තුන් දහස් එකසිය පනහක ( 23150) ප්‍රතිපාදන අනුමත කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. 02 November 2023
ගාසා ජන සංහාරය ඉවසනු බැරිව ක්‍රේග් ඉල්ලා අස් වේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් පලස්තීන ජාතිකයන් 9000 ක් ඝාතනය කිරීම ජන සංහාරයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ නිව්යෝර්ක් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයෙක්ව සිටි ක්‍රේග් මොක්හිබර් ප්‍රකාශ කර ඇත. 02 November 2023
සීනි බද්ද ඉහළට:සීනි මිල නඟි සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසති. 02 November 2023
නාමල්ලා නඩුවකින් නිදහස් හෙළි නොකරන ආකාරයකින් රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පස්දෙනකුට එරෙහිව මුදල් විශූද්ධීකරණ පණත යටතේ පවරා ඇති නඩුවෙන් විත්ති වාචක නොකැඳවාම ඔවුන් සියළු දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (02) නියම කළේය. 02 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026