නව විදුලිබල පනතට සංශෝධන නව විදුලිබල පනත වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධන, යෝජනා සහ නිර්දේශයන් එම පනතට සංශෝධන ලෙස ඇතුළත් කර ඇති ආකාරය පිළිබඳව දැනුවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 21 February 2024
ජා.ජ.බට එරෙහි මෝසමට දින දෙයි ජාතික ජන බලවේගය ලියාපදිංචිය නීතියට පටහැනි බව සඳහන් කරමින් විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ මෝසම මාර්තු 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 21 February 2024
පරාතේ බලතල තාවකාලිකව අත්හිටුවන්නැයි යෝජනාවක් ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ දේපළ අත්පත් කර ගැනීමට බැංකු ඇතුළු ණය දෙන ආයතන වලට ඇති පරාතේ බලතල තාවකාලිකව නැවැත්වීමට කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ලබන සඳුදා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 February 2024
අඩු බරට පාන් විකුණූ බේකරි 450 කට නඩු පාන් සඳහා වන ගැසට් පත්‍රයේ නියමන් පරිදි නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරිමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 21 February 2024
ගහෙන් වැටුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගොනත් ඇනලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා යහපාලන ආණ්ඩු සමයේ සිට ලබා දුන් සියයට 15ක පොලී අනුපාතය සියයට නවය,දහය මට්ටමකට අඩුකිරීමෙන් වැඩිහිටි පරපුර දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 February 2024
මහ බැංකුවේ වැටුප් වැඩි කළාට මන්ත්‍රීවරුන්ගේ විරෝධය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් පමණ වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් අද (21) ඇතිවිය. 21 February 2024
රජයේ ඖෂධවේදීහූ පාරට බසිති රජයේ ඖෂධවේදීන් මුහුණ දෙන ගැටලු රැසක් මුල්කරගෙන රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (21) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ. 21 February 2024
‘පිදේනියට එරෙහිව එක්ව පෙළගැසෙමු’ ලේක්හවුස් වටරවුමේදී විදුලිබල, ටෙලිකොම් සහ රක්ෂණ යන ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමට එරෙහිව ‘පිදේනියට එරෙහිව එක්ව පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ ලේක්හවුස් වටරවුමේදී අද (21) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. 21 February 2024
‘ජාත්‍යන්තර මාතෘ භාෂා දින’ උත්සවය නිදහස් චතුරශ්‍රයේදී පෙබරවාරි මස 21 වැනිදාට යෙදී තිබෙන ‘ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය’ වෙනුවෙන් සංවිධානය කරන වාර්ෂික උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්විණි. 21 February 2024
විදුලි බිල අඩු කෙරෙන හැටි මෙන්න විදුලි බිලට පසුගිය ඔක්තෝබර් මාසයේදී වැඩි කෙරුණු මුදල (ප්‍රතිශතය) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 February 2024
ගාල්ල ජැටියේ පැරණි නෞකාවක නැංගුරමක් ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි. 21 February 2024
මොළය පරිගණකයට සම්බන්ධ කරන මෙහෙයුම සාර්ථකයි නියුරලින්ක් චිපයේ මිනිස් අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ප්‍රථමයාට එම චිපය මොළයට බද්ද කර මසක් ගතවීමටත් මත්තේ සිතීමෙන් පරිගණකයේ මවුස් එකක් පාලනය කිරීමට හැකි වූ බව බිලියනපති ඊලෝන් මස්ක් ප්‍රකාශ කළේය. 21 February 2024
කඩුවෙල අධිකරණයෙන් දුන් වාහන හෝමාගම අධිකරනයෙන් යළි ගනී යුක්තිය මෙහෙයුම යටතේ කඩුවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයේ තිබූ වැලිවිට සුද්දා නමැත්තාට අයත් කෝටි ගණනක් වටිනා බස් රථ 05 , සුඛෝපභෝගී මෝටර් රථයක් හා යතුරු පැදියක් යළි ලියාපදිංචි හිමිකරුට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 17 දා ලබාදුන් තීන්දුව බල රහිත කරමින් එම දේපල යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන විමර්ෂණ සිදු කරන ලෙසට හෝමාගම 21 February 2024
ඉරාන විදේශ ඇමති ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. 21 February 2024
පාලකයන් දැන් පරක්කු වැඩියි පාලකයන් කැමති වුනත් නැති වුනත් සමාජ වෙනස සිදුවීම ඇරඹී ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. 21 February 2024
පොලොන්නරුවේ යුග ගණනක සාක්කි සොයාගෙන පොලොන්නරුව පැරණි නගරයේ සිදුකල පුරාවිද්‍යා පරීක්ෂාවකදී පොලොන්නරු යුගයට වඩා එහා ගිය ඈත යුගයක සාක්ෂි හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි. 21 February 2024
බෑනාගේ ක්රිකට්පිති පහරින් මාමා මරුට පේරාදෙණිය මුරුතලාව කුරුගම ප්‍රදේශයේ පදිංචි වතු කම්කරුවෙකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කළේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ . 21 February 2024
පාර්ලිමේන්තුවේ අමු ගවයෙක් ඉන්නවා ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතකදී ඉන්දියාව සමග ඉතිහාසයේ තිබෙන සම්බන්ධතා සමඟ බලා මතයක් ඉදිරිපත් කරන විට ඒවා පට්ට ගහන්නට හදන අමු ගවයෙක් පාර්ලිමේන්තුවේ සිටින බව සංචාරක ඉඩම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 February 2024
බඹරු ඇන විදෙස් ජාතිකයා ඇතුළු තුනක් රෝහලේ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල ආරුක්කු නමය පාලම ආසන්නයේදී අද (21 ) දහවල් බඹර ප්‍රහාරයට ලක් වූ ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි පුද්ගලයෙකු සහ ශ්‍රී ලාංකික ජාතික ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඇල්ල දෙමෝදර ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි. 21 February 2024
කර්මාන්ත වැටුණු ගණන් හිලව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි මේ වන ශුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හාරදාස් එකසීයක් ස්ථිර වශයෙන්ම වැසී ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 February 2024
සිසු සිසු ගැටුමෙන් 17ක් රෝහලේ රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රොහල අද (21) ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි. 21 February 2024
මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම තක්කඩිකමක් රට බංකොළොත් කළ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගැනීම තක්කඩිකමක් බවත් මෙරට ජනතාව වැටුප් වැඩිකරන ලෙස උද්ඝෝෂණ කළත් ඒ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පැවසූ බවත් නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා අද (21) පැවසීය. 21 February 2024
ලක්ෂ 12 ක කුඩු සමඟ අඹු-සැමි යුවළ දැලේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි ’’තඹුත්තේගම අක්කා’’ නමින් ප්‍රචලිත කාන්තාවක් සහ ඇගේ සැමියා ලක්ෂ 12ට ආසන්න හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි . 21 February 2024
මහ බැංකුව තමාට බෙදා ගැනීම වැරදියි හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 February 2024
පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්නයි යෝජනාවක් පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්නයිවූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළේය. 21 February 2024
සිසුවිය හප්පා යතුරුපැදිකරු පලා යයි මඩිතියවල ප්‍රාථමික විදුහල අසලදී පාර මාරු වෙමින් සිටි අට හැවිරිදි පාසල් සිසුවියක හප්පා යතුරුපැදිකරු පලාගොස් ඇතැයි පොලීසිය කියයි. 21 February 2024
භාණ්ඩ කීපයක ආනයන බද්ද ඉහළට භාණ්ඩ කීපයක ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 21 February 2024
අයිෆල් කුලුන ආයෙත් වහලා ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි. 21 February 2024
පෙම් හබය පිහි ඇනුමෙන් කෙලවර වෙයි සිය පරණ පෙම්වතිය සමඟ සබඳතාවක් පවත්වාගෙන ගියැයි උරණ වූ තරුණයකු තවත් තරුණයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 21 February 2024
සත්‍ය සමඟිය සහ සංහිඳියා පනත් කෙටුම්පත මහා නා හිමිවරුන්ට සත්‍ය, සමඟිය සහ සංහිඳියාව සඳහා වූ කොමිසමේ පනත් කෙටුම්පත පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නා හිමි ප්‍රසාදය පළ වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 21 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026