
(අංජුල මහික වීරරත්න)
පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සැලසුම් කර තිබේ.
එමඟින් පිරිවෙන් ආශ්රිත ගුරුවරුන්ට හා පැවිදි, ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමට හැකි වනු ඇතැයි රජය පවසයි.
ඒ අනුව එක් පිරිවෙනක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක් ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමට හැකි වන පරිදි යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිවෙන් ඩිජිටල් කරන්න කියලා කරලා තියෙන්නේ ඉන්ටනෙට් දිලා වගේ.... ඊට කලින් දූෂිත අවිනිත ලංකාවේ රජයේ ආයතන ඩිජිටල් කරලා ඉන්න ඕන
තාක්ෂණය භාවිතය අයින්.කරන්න බෑ මේ ලෝකෙ . නමුත් ඒ සමඟම පිරිහෙන සඟ පරපුරක් ද බලාපොරොත්තු විය යුතුය. සියල්ල වෙනස්වන ලෝකයේ එය එසේ සිදු වේ.