
(සුජිත් හේවාජුලිගේ)
කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට කර ඇතැයි පැවසෙන අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත.
වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ ඇමතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ උපදෙස් මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.
මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා කටයුතු කරයි.
මෙම අනවසර කැණීම් සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී අධිකාරියේ කිසියම් නිලධාරියෙකු වගකීම් පැහැර හැර ඇතිබවට සනාථ වුව හොත් ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd