(අංජුල මහික වීරරත්න)

ද්විත්ව ඉන්ධන ධාරිතාව සහිත මෙගාවොට් 200ක අභ්‍යන්තර දහන එන්ජින් වලින් සමන්විත කෙරවලපිටියේ ස්වභාවික වායු බලාගාරය සඳහා ආයෝජකයකු තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ද්විත්ව ඉන්ධන ධාරිතාව සහිත මෙගාවොට් 200 ක අභ්‍යන්තර දහන එන්ජින් වලින් සමන්විත කෙරවලපිටියේ ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති 2023-2042 දීර්ඝ කාලීන විදුලි ජනන සැලැස්ම මඟින් හඳුනාගෙන ඇති ව්‍යාපෘතියක් වේ.

 මෙම ව්‍යාපෘතිය සඳහා කෙරවලපිටිය සීමා සහිත සොබාදනව් සමාගමට යාබදව ඇති භුමි ප්‍රදේශය වෙන් කර ඇති අතර ස්වාධීන බල ශක්ති නිෂ්පාදකයෙකු ලෙස වසර 20 ක් සඳහා වූ ගොඩ නැගීම, අයිතිය දැරීම ,ක්‍රියාත්මක කිරීම , අයිතිය පැවරීම් (BOOT) යන පදනම යටතේ මෙම බලාගාරය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනු ලැබ ඇතැයි රජය පවසයි.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සුදුසු ආයෝජකයකු හඳුනා ගැනීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.