
(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම දික්වැන්නාගම දී සිදු වූ විදුලි සැර වැදීමකින් 17 හැවිරිදි පාසල් සිසුවකු අද(25) පස්වරුවේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සෙනවිරත්න මුදියන්සේලාගේ පසිදු කාංචන බංඩාර නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකි.
මියගිය සිසුවාගේ දේහය මේ වනවිට දඹුල්ල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෙට(26) දිනයේ එම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය මඟින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd