
(අංජුල මහික වීරරත්න)
වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහල යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා දැනට අය කරන බද්ද රුපියල් 150කි.
දැනට රටේ ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 70,000ක් ඇතැයි ද 2023ට සාපේක්ෂව මෙම ප්‍රමාණය තුන් ගුනයක ඉහල යාමක් බවද අමාත්‍යාංශය පවසයි.
එම නිසා කිසිසේත්ම පොල්තෙල් හිඟයක් රට තුළ නොමැති අතරම මිල ඉහල දැමීමට පොල්තෙල් මාෆියාව විසින් ගෙනයන ප්රයත්නය කූඨ උපායක් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
එමෙන්ම 2025 තෙක් ආනයනික පොල්තෙල් සඳහා අය කරන වෙළෙඳ බද්ද නැවත ඉහල දැමීමට කිසිසේත්ම රජය අපේක්ෂා නොකරන බව ද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්තෙල් ආනයනය කරන අයට ලාභය ඩබල් වෙනවා, දේශිය පොල්තෙල් හදන්න පුළුවන්, අනිත් එක ඉස්සර කරපු කටුපොල් වගාව තහනම් කරලා දැන් මැලේසියාවෙන් පොල්තෙල් කියලා පාම් තෙල් ගෙන්වා මේවා හින්දා රජයට තවත් බදු ගහන්න වෙයි දුප්පත් මිනිස්සුන්ට.
බද්ද අඩුකර වාසිය ආනයනකරු සහ ඇමති බෙදාගන්න වගේ. කියන විදියට රටේ ඕනතරම් තොග තියෙනව. එතකොට බද්ද අඩුකරන්න ඕනද
අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා මෙවැනි තත්ත්වයක් පවතින රටක . දේශීය නිෂ්පාදන කර්මාන්ත ,දේශීය පොල් වගාකරුවන් හා වක්‍ර යැපෙන්නන් සමූල ඝාතනයක් කරන ආකාරයේ යොජනා ඉදිරිපත් කර විදේශීය ආනයන තවදුරටත් සහන ලබා දෙමින් දිරිගැන්වීම පිළිබඳව.
මුන් හදන්නේ අපේ පොල්වලින් එන ආදායමත් නැති කරන්න ?මදැයි නයකුත් අරන් වත්තේ පොල් හිටෙව්වා ?
මේ කාලකණ්ණි ඇමැතිලා කවද්ද රටේ ජනතාවට හොඳක් කළේ...?