
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් නිකුත්කර තිබූ වාරණය ලබන 09 දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (25) නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පක්ෂයේ සරත් ඒකනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ,වැඩ බලන මහ ලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත, සහ අනුශාසක මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන්ට එරෙහිව මැයි 28 පැවරු නඩුව කැදවීමෙන් පසුව මෙම වාරණ නියෝග දීර්ඝ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්ද වාරණද දීර්ඝ කිරීමට අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළේය.
විත්තියේ විරෝධතා සහ උත්තරය එදිනට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
පැමිණිලිකාර ලසන්ත අලගියවන්න මහතා වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතා කරුණු දැක්වීය.විජයදාස රාජපක්ෂ මහතා සභාපතිවරයා වශයෙන් පත්කළ බව කියන මැයි මස 12 දින පැවති විධායක සභාවේ කටයුතු සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පවසමින් මෙම නඩුව ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ඇමැති වෙලා ඔහොම නම් ජනපති වුණොත් කොහොම හිටිවිද අධිකරණය ගණන් ගන්නේ නැතුව යාවි
ඔය උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවේ සිදු වෙන්නේ උත්තරීතර වැඩමද? වංචා දූෂණ හොරකම් අහන්න නැතිවෙන දවසක්නම් උත්තරීතරයි කියලා හිතන්න පුළුවන්
මහා කපටි කයිරාටික කොයි වෙලෙත් රටේ මිනිස්සුන්ට පුළුවන් තරම් අහිතකර නීති හදන්න දඟලන වාසි අතට හැරෙන කෙනෙක්.