
(අංජුල මහික වීරරත්න)
තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයට අයත් තම්බපවනී සුළං විදුලි බලාගාරයේ පුර්ණ වාණිජ මෙහෙයුම් කටයුතු 2021-05-18 දින ආරම්භ කර තිබේ.
වසර තුනක කාලයක් සඳහා එම විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු සේවා සපයා ගැනීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය විසින් Vestas Wind Lanka (Pvt) Limited ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, එකී ගිවිසුමේ කොන්ත්‍රාත් කාලය 2024-05-17 දිනෙන් අවසන් වී ඇත.
එබැවින්, එකී කාර්යයන් සඳහා නව සේවා සැපයුම්කරුවකු තෝරාගත යුතුව ඇතැයි රජය පවසයි.ඒ අනුව තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසු සේවා සැපයුම්කරුවකු තෝරා ගැනීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයශංකර් කිව්වෙ නැද්ද ඒකත් අදානිටම දෙන්න කියල
කෙලින්ම කිව්වා නම් ඉවරනෙ අදානිට දෙන්න වෙනව කියල .