පී සී ට අයිස් මත්ද්‍රව්‍ය සැපයු පුද්ගලයා කටුනායකදී කොටුවෙයි
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයාට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා , සිය පවුල සමග තායිලන්තයේ සවාරියක් ගොස් මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .