
(අංජුල මහික වීරරත්න)
ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ගන්දර ධීවර තොටුපොළ පවතින ස්ථානයේ ධීවර වරායක් ඉදිකිරීම සඳහා 2019-07-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය 2023 දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබු නමුත් කෝවිඩ් 19 වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අපේක්ෂිත පරිදි ඉටු කිරීමට නොහැකි වී තිබෙන බව රජය පවසයි.
ඒ අනුව ව්‍යාපෘතියට අදාල ගොඩබිම ඉදිකිරීම් ද ඇතුළුව සියලු වැඩ නිම කිරීමට හැකි වන පරිදි ව්‍යාපෘතියෙහි කාලසීමාව 2023 දෙසැම්බර් මස සිට 2026 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමටත්, මිල විචලනයන් මත පදනම්ව මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමටත් ධීවර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd