IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කඳුළු ගෑස් කෑ ගුරුවරු හෙටත් ලෙඩ වේ

(ගයාන් සූරියආරච්චි සහ ජනිත් මදුරංග)

ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට අද පෙරවරුවේ (26) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) අසනීප නිවාඩු වාර්තා කරන බව ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමයේ වෘත්තීය නායකයෝ පැවසූහ.

ඔවුන් ඒ බව පැවැසූවේ ගුරු විදුහල්පතිවරුන්ගේ තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මව්පියන්ගෙන් මුදල් අය නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද (26) පෙරවරු 10.30 ට පමණ කොටුව දුම්රියපොල අසල පැවැත්වූ විරෝධතාවයකින් අනතුරුවය. එහිදී විරෝධකාරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය එම විරෝධයට කඳුළුගැස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. 

 



අදහස් (11)

කඳුළු ගෑස් කෑ ගුරුවරු හෙටත් ලෙඩ වේ

Chandana Wednesday, 26 June 2024 05:49 PM

ලංකාවේ විතරයි නිදහස් අධ්‍යාපනය දෙන්නේ.. දියුණු රටවලත් වියදම් කරන්න වෙනවා. ඉතින් දෙමව්පියන්ගෙන් යම් දායකත්වයක් වෙන එකට මේ ගොන් අලින්ට තියෙන කැක්කුම මොකක්ද? අමාරු දෙමව්පියන්ට නොමිලයේ දෙන වෙනත් වැඩපිළිවෙළක් හදන්න පුළුවන්. අපේ රටට වෙලා තියෙන හෙනේ මේකයි. හැමෝටම නිකන්... රෝහල්වලත් එහෙමයි.

:       11       33

LakmalWednesday, 26 June 2024 08:37 PM

ඔච්චර අමාරුයි නම් ගෝල් ෆේස් එක තියෙනවා..

:       1       9

ජයනාත් Wednesday, 26 June 2024 06:29 PM

ආරංචිය සුබයි.

:       0       0

කසුන් Wednesday, 26 June 2024 06:57 PM

අපේ අල්ලපු ගෙදර ඉන්නේ ජනප්‍රිය පාසල් ගුරුවරියක්, එයා සුපුරුදු පරිදි අදත් ටියුෂන් කළා.., මේ ගුරුවරු රජයෙන් ලැබෙන පුහුණුව පාසලේ ජනප්‍රියත්වය පාවිච්චි කරලා හොඳට සල්ලි හොයනවා. පාසලේදි ළමයින්ට හරියට උගන්වන්නේ නැහැ. අන්තිම අසාධාරණයි. දේශපාලන අරමුණු වෙනුවෙන් දරුවන්ගේ අනාගතේ විනාශ කරන පක්ශවලට ශාප වේවා...!

:       3       35

නුවන් Wednesday, 26 June 2024 07:01 PM

යන්තන් විභාග ටික වෙලාවට තියලා අධ්‍යාපනය යම් ස්ථාවර ත්ත්වයකට ගන්න හැදුවා විතරයි. ජෙවිපි දේශපාලන අර්මුණු වෙනුවෙන් රට කන්න ආයෙත් හදනවා. ඔවුන්ට ශාප වේවා...!

:       6       27

casmir Wednesday, 26 June 2024 07:02 PM

අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ හැමදේම නිකන් දෙනකල්... ගොඩක් රටවල දියුණු වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ කැපවීම් මත.. අපි ඉතියෝපියා වල ආර්ථික දියුණුව ගැන කතා කරනවා. නමුත් කිසිම දෙයක් නිකම් දෙන්නේ නැහැ. අද්‍යාපනය සහ සෞක්‍ය අනිවාර්ය ගෙවීම් තියනවා. Univaersity OUT වෙලා රැකියාවක් කරද්දී තමුන් අධ්‍යායාපනය ලබපු subject එක අනුව payback රජයට ගෙවන්ඩ ඕනෑ. ඒකට කියන්නේ COST SH ARING TAX, රටින් පිටවෙන්න කව්රු හරි හිතනවා නම් අනිවාර්යෙන් ඕක ගෙවන්න ඕනෑ. TIN Number එක අනිවාර්යයි. අපේ රටේ මිනිස්සු හදන්නේම නිකන් හැමදේම රජය දෙනකල්.. කමක් නැහැ අය මේ JVP කට්ටිය කලබල වෙලා, තමුන්ගේ ආණ්ඩුවකින් ඔය ඉල්ලීම් ගන්න, තව මාස තුනක් ඉවසන්න. JVP එක හැමදාම බලයට එන්න දැඟලුවේ රට නැතිකරලා. මේ වර්ජන රැල්ලේ ප්‍රතිඵල දැන් Tourism වලට බලපාල‍ා ඉවරයි...

:       2       21

Lakmal Wednesday, 26 June 2024 07:21 PM

විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ දීම නවතා රැකියාව කරන විට ගෙවීම සඳහා පොලී රහිතණයක් ලබා දෙන්න. එමගින් ඉතිරිවන ජාතික ධනය පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කිරීමට යොදවන්න.

:       0       0

අම්මා කෙනෙක් Wednesday, 26 June 2024 09:19 PM

හෙටත් කඳුළු ගෑස් ගහන්න කාලකණ්ණින්ට. අපේ දරුවන්ට යන එන මං නෑ උන් නිසා.

:       5       22

බන්ඩාර Wednesday, 26 June 2024 09:20 PM

මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලයේදි ඔය ප්‍රශ්නය විසදුවා . දැන් රු 10000ක් වැඩි කරලත් තියනවා. . මදිනමි රස්සාව අතහැර ගිහින් වෙන රස්සාවක් හොයා ගන්න ඕන.

:       5       22

rangi sirisena Thursday, 27 June 2024 07:02 AM

මුන් සේරම පෙළපාලි යන්න කප් ගහපු ආණ්ඩුවලින් පත්වීම් ගත්ත උන්.මුන්ට දුම්මල ගහලා මදි ළමයින් ඇපයට අරගෙන කරන වැඩේට අරාබි නීතියෙන් දඩුවම් දෙන්න ඕනේ.

:       0       8

Hemantha Thursday, 27 June 2024 12:46 PM

වැඩිය සහතිකයක් නැතිව ලෙඩ නිවාඩු දාන්න පුළුවන් එකෙන්ම රට ලංකාව .. අනේ අපේ රටේ නීති

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site