
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන වල තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයටකට අනුව එම අනුමැතිය ලැබී තිබේ.
මෙමගින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගරසභා වල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබෙනු ඇතැයි රජය පවසයි.
ජූලි මාසය ඇතුලත එම සියලු පත්වීම් ලිපි ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පෞද්ගලික අංශයේ අපි බදු ගෙවලා නිකන් ඉන්න අයට පඩි ගෙවපල්ලාකෝ
පඩි ගෙවන්න මුදල් ???
මුදල් නැති වුනේ චන්දය තියන්නනේ. බංකොලොත් බවින් මිදුන නිසා දැන් මුදල් වැහි වැහලා. හැබැයි ඒගොල්ලන්ගේ වැඩ වලට විතරයි.