(රංජිත් රාජපක්ෂ)                      

නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලියට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසිය කියයි.

ඊයේ (26) පස්වරුවේ නුවරඑලිය ප්‍රදේශයේ පදිංචි අවු 72 හැවිරිදි පුද්ගලයෙකු වැසිකිලයට ගිය අවස්තාවේ එම පුද්ගලයා වැසිකිලිය තුලදිම මියගොස් ඇති බවත්, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි අවු 60 වයසැති පුද්ගලයෙකු අද  (27) දින උදැසන 8 ට එම වැසිකිලියට ගිය අවස්තාවේ මියගොස් ඇති බවත් පොලීසිය පැවසීය.

 අභිරහස් ලෙස මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත්, නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේද සහය ඇතිව විමර්ෂණයක් සිදු කරන තෙක් එම වැසිකිලිය මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.