(ගයාන් සූරියආරච්චි) 

දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 773ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 34 ක් ඇතුළු සැකකරුවන්  807 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

එහිදී හෙරොයින් කිලෝ 52 ක් සහ මිලිග්‍රෑම් 616 ක්, අයිස් කිලෝ  142 ක්, සහ මිලිග්‍රෑම් 453 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.

පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ ලේඛනගත පාතාල අපරාධකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, මේ දක්වා සිදුකරන ලද මෙහෙයුම් වලදී ලේඛනගත  පාතාල අපරාධකරුවන් 778 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි.