IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආණ්ඩුවේ තුන් කට්ටුවක් ’’සුබ ආරංචිය’’ හෙළි කරයි

(අංජුල මහික වීරරත්න සහ කාවින්දි කරුණාතිලක)

" රනිල් තමයි මිනිහා" යන සුබ ආරංචිය අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවකදී අද (26) පැවසීය.

පොහොට්ටුව රනිල්ට උදව් කළේ ඔහුට අභියෝග බාර ගැනීමට තිබූ හැකියාව නිසා බව කී ප්‍රසන්න රණතුංග මහතා මේ වන විට රටේ බහුතර ජනතාව ද පොහොට්ටුව එදා ගත් තීරණය අනුමත කර ඇතැයි කීය.

"ආරංචිය සුබයි" යන තේමාව මුල් කරගනිමින් බම්බලපිටිය ලෝරිස් පටු මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුද සහභාගී වූහ.

 



අදහස් (22)

ආණ්ඩුවේ තුන් කට්ටුවක් ’’සුබ ආරංචිය’’ හෙළි කරයි

Saman Wednesday, 26 June 2024 05:00 PM

ඇවිල්ල තියන අයගෙන්ම පේනවා රනිල් තමයි කියලා...

:       0       0

Ajantha Wednesday, 26 June 2024 05:17 PM

ඔයාලාට අසුබ වෙන්නේ ඡන්දෙ ගණන් කරන දාට...

:       0       0

ටැක්ස්සීයා Wednesday, 26 June 2024 05:25 PM

මේ වන විට රටේ බහුතර ජනතාව ද පොහොට්ටුව එදා ගත් තීරණය අනුමත කර ඇතැයි කීය" එතකොට පොහොට්ටු ආණ්ඩුවක් ආවම රනිල්, රවී ඇතුළු මහ බැංකු හොරු හිරේ දානවා කියපු එක අනුමත කරලද? අමතක කරලද?

:       0       0

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 05:31 PM

පට්ට හොරෙක්, මිනිස් ජාවාරම් කාරයෙක් සහ කප්පං කාරයෙක් දෙන චරිතසහතික ගැන ඔබම තීරණය කරන්න.

:       0       0

Achini Wednesday, 26 June 2024 05:36 PM

අප්පටසිරි හොදම සෙට් එක ඕකේ කියන්නේ හොරුන්ට තමයි කඩෙියන්නේ හොර කමෙන් බේරගන්න පුළුවන් ඉතින් ලොකුම හොරාට තමයි අනිත් එක මහ බැංකු හොරාව හිරේ දානකල් නින්ද යන්නේ නැ

:       0       0

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 05:36 PM

මෙන්න බොලේ බැංකු හොරා ජාතියෙ ගැලවුම් කාරය වෙලා එක පාරටම. කෝ මේ පොහොට්ටු මහත්වරු එදා අර්ජුන් මහේන්ද්‍රන්, රවිකරුණානායක පට්ට ගහපු?

:       0       0

Remal Wednesday, 26 June 2024 05:45 PM

මරු තුන් කට්ටුව... මිනිස්සු අන්දන කට්ටුවක්...

:       169       76

පිටරැටියා Wednesday, 26 June 2024 05:47 PM

රටම ලෝකෙට ණයකාරයෝ වෙලා ඉවරයි.. දූෂිත දේශපාලුවන්ට නම් රනිල් සදහටම ඉන්න තරමට හොඳයි. කිසිම ජනවරමක් නැති, ජනප්‍රසාදයක් නැති පින් ජනපතියා මොන කතා කිව්වත් වැඩක් වෙන එකක් නැහැ...

:       164       74

Dharmatileke Wednesday, 26 June 2024 05:58 PM

ලුලා නැති වලට කනයා පණ්ඩිතයා ලු

:       0       0

Tharindu Wednesday, 26 June 2024 06:00 PM

අලුත් කැබිනට් මුහුණක්

:       0       0

ARJUNA Wednesday, 26 June 2024 06:04 PM

ආරංචිය සුබයි උබලා පරාදයි

:       0       0

Nimal 1 Wednesday, 26 June 2024 06:11 PM

රටේ බහුතරයක් පිලිගන්නේ නැ ආරංචිය සුබයි කියලා

:       0       0

ගමේ එකාලා Wednesday, 26 June 2024 06:12 PM

මුන් තුන්දෙනා වගෙ හොරකම් වන්චා දූෂණ කරපු උන් නම් රනිල් ඉන්න තරමට සතුටු ඇති .කෙහෙල් මල් අභියෝගේ,දූෂිත පවුල් පාලනේ උන්ව රැකගන්ඩ රනිලට පින් ජනපතිකම බාර දුන්නා.

:       0       0

Dharshini Wednesday, 26 June 2024 06:20 PM

ණය ගෙවන එක 2028 අවුරුද්ද වෙනකල් පස්සට ගියා කියලා ඕකේ සමරන්න දෙයක් තියනවාද?

:       0       0

ජයනාත් Wednesday, 26 June 2024 06:32 PM

ඔව් එන්න ඡන්දෙට.. අපි සුබ ආරංචි දෙන්නම්...!

:       0       0

චතුර Wednesday, 26 June 2024 07:03 PM

දෛවයේ සරදමකි. තුන් කට්ටුවේ අයෙක්, මහ බැංකු හොරා රනිල් හිරේ යනකන් නින්ද නොගිය අයෙකි. අනෙකා කාලෙන් කාලෙට එහෙට මෙහෙට පනින රිලවෙකි. ඔහුගේ පවුල් ජීවිතයත් එවැන්නකි. ඇඟ ලොකු මොලේ කුඩා අන්තිමයා කප්පම් අරං දඩ කා කුජීත වූවෙකි...

:       111       45

Manjula Bandara Wednesday, 26 June 2024 07:42 PM

මෙවුන් දන්නා දා ඉදන් පාර්ලිමේන්තුවේ. මොනවද රට වෙලා තියෙන සෙතේ. මෙච්චරකල් බැරි වුණු මොවුන් ඊළඟ අවුරුදු 5 රට හදයි හිතනවා නම්, අන්න ඒ තරම් මෝඩ කමක් තවත් නෑ. කොල, නිල්, ඔක්කොම එකම ජාඩියට මූඩිය. හොරා කනවා දෙපැත්ත බෙදෙනවා, බොරුවට බැනගන්නවා. මාරුවෙන් මාරුවට බලයට එනවා. උන් උන් රකිනවා. ඒක තවමත් නොතේරෙන කටු සූප්පු කරන තකතීරු බුද්ධිමත් දායකයෝ ඔවුන්ම ආයේ පත් කරනවා...!

:       0       0

ගමේ එකාලා Wednesday, 26 June 2024 08:11 PM

මේ තුන් කට්ටුවේ පැටිකිරිය ගැන කියන්නත් ලැජ්ජයි. හරිම බඩු තුනක්? රනිල්ව මුරුංගා අත්තේ තියලා හිරේ ඉන්න ඕනෑ කප්පම්කාරයා ජාමේ බේරගන්න හදනවා. තමුන්ගේ ආසනයෙනුත් පැරදුණු, කිසිම ජනප්‍රසාදයක් නැති දූෂිත පවුල් පාලනේ අයව රකින්න ආපු පින් ජනපතියා, පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට නම් හොඳයි...

:       0       0

Ramani - kandy Wednesday, 26 June 2024 11:28 PM

මොනවද මේ තුන්දෙනාගේ අධ්‍යාපන සුදුසුකම්? එකෙක්වත් අපොස සමත්වෙලා නැහැ. කෙනෙක් ඉස්සර ගම්පොල පැත්තේ ගෙයින් ගෙට ප්ලාස්ටික් බේසම් වික්කා.

:       0       0

Rathnayaka Wednesday, 26 June 2024 11:31 PM

අපි බලන් ඉන්නේ සුබ ආරංචිය අරගෙන එනකම්... මිනීකන බල්ලෝ ලිහලා, කොසු ඉඳල්, මෝල්ගස් අරගෙන පිළිගන්න. හතර හන්දි කඩනවා !!!

:       0       0

නලින් Thursday, 27 June 2024 06:35 AM

" රනිල් තමා හොරා" කියපු එවුන්ම මේක කියන එක තමා හොද..

:       1       50

Banda Thursday, 27 June 2024 01:32 PM

අර ගුටිකාල අණ්ඩ කඩාගත්තු රාජපක්ෂයා මේකට ගෙනාවා නම් ගැලපෙනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site