
(අංජුල මහික වීරරත්න)
හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විද්‍යා හා තාක්ෂණ නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා විදුලිබල අවශ්‍යතාව ඉහල යාමත් සමඟ එම ප්‍රදේශයේ ග්‍රිඩ් උපපොළක් ඉදි කිරීම සඳහා හෝමාගම, පිටිපන පිහිටි මා හේනවත්ත නැමති ඉඩමෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව හඳුනාගනු ලැබ ඇති අක්කර 02 රූඪ 03 පර්වස් 15.41 ක ඉඩම් කොටස රජයේ ප්‍රධාන තක්සේරු කරුගේ තක්සේරුව මත ලංකා විදුලිබල මණ්ඩලය වෙත වසර 30 ක කාලයක් සඳහා බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩු ලබන රජයේ ආයතන අනිවාර්යයෙන් පුද්ගලීකරණය කරනු .ලාභ ලබන ආයතන පුද්ගලීකරණය නොකරනු .මෙය නොපිළිපදින මහජන නියෝජිතයන් ගසා පන්නනු