
(එම්.කේ.නන්දසේන)
බීමත්ව රිය පදවා, වනජීවී නිලධාරීන් බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් හය දෙනකු අද (25) අත්අඩංගුවට ගත් බව කිරින්ද පොලීසිය කියයි.
මුර සංචාරයේ යෙදී සිටි කිරින්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් ඉදිරිපසින් පැමිණි වෑන් රථයකට නතර කරන ලෙසට ලබාදුන් සංඥා බා දුන්නද එම රිය නොතකා ඉදිරියට ධාවනය කර තිබේ.
අනතුරුව ලුහුබැඳ ගොස් අල්ලා සෝදිසි කිරීමේදී ඔවුන් වනජීවි නිළධාරීන් යැයි පවසමින් පොලිස් නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි පොලීසිය කියයි.
එම පිරිසේ පස්දෙනෙකු ස්වෙච්ඡා මාර්ගෝපදේශකයින් බවත්, එක් අයෙකු වනජීවී රියදුරෙකු බවත් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
මෙම පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුනට පාලනය විය නොහැකි අයුරින් අධික ලෙස මත්පැන් පානය කොට තිබූ බවත්, අත්අඩංගුවට එම අවස්ථාවේ නොගත්තේ නම් ඔවුන්ගේ ජීවිත වලටද බරපතල අවදානමක් තිබුණේ යැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd