
ජාත්‍යන්තර අපරාධ අධිකරණය, රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේය.
ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන වැසියන්ට එරෙහිව යුද අපරාධ කළ බවට සර්ජි ෂොයිගු සහ වැලරි ජෙරසිමොව් ට එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමිනි.
මේ වනවිට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගන්නැයි ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. ඒ, පුටින්ගේ මෙහෙයවීමෙන් යුද්ධය සිදුවන බැවිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා හා එතකොට ඊජිප්තුව
එතකොට ගාසා වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය මුකුත් ම වැරැද්දක් කරල නැහැ නේද... පුදුම අධිකරණය ක් ඒක...
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තමන්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර වරෙන්තුව ගැන කිසිදු තැකීමක් නො කර වියට්නාමයට පසුගිය දිනක පැමිණියේ ය. වියට්නාමය ද මේ වරෙන්තුව තුට්ටුවකට මායිම් නො කළ බව පෙනිණි. උතුරු කොරියාව ද එසේ කෙළේ ය. ජාත්‍යන්තර අපරාධ වරෙන්තුකරුවෙකු පිළිගැනීම සබඳතා පැවැත්වීම, රාජ්‍ය තාන්ත්‍රික ගරු සැළකිලි දැක්වීම, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කරන ලද අපහාසයකි. මේ සිදුවීම් සමඟ සිංහල පැරණි කියමනක් මතක් විය. එනම් “ කටින් බතල කොළ සිටුවීම “ කියා ය