
(අංජුල මහික වීරරත්න)
පරිගණක හා තොරතුරු තාක්ෂණය හරහා ආර්ථික හා තාක්ෂණික අංශ ඒකාබද්ධ කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිමත් කරමින් කොළඹ වරාය නගරය අක්වෙරළ ක්‍රියාකාරකම් සඳහා ද පහසුකම් සලසෙන මූල්‍ය කලාපයක් ලෙස නිර්මාණය කිරීම තම අරමුණ බවත් එහි ව්‍යවසායන් දියුණු කිරීම සහ ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම වැනි කටයුතු දෙස් විදෙස් ආයෝජකයන් වෙත පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම' යන තේමාව යටතේ පැවැත්වෙන 2024 ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුණලා ඉවරයි නේද වරාය නගරය
ශ්‍රී ලාංකික උරා බොන අයට හොඳයි.සියලුම නූගත් "ගැනුම්කරුවන්" එයට වැටෙනු ඇත.
වරාය නගරයේත් වී ගබඩා කෙරුවොත් මොකද ජනාධිපති තුමා? මත්තල එහෙම කරනකොට ෆුල් සපෝට් එක දුන්න වගේ අනුර කුමාර මල්ලිත් එකට ඔබට සහාය වෙයි.
අනේ තාක්ෂණය ,තවම කාඩ් පේමන්ට් ප්‍රවර්ධන කරන්න වැඩ පිලිවෙලක් නැහැ ,රටේ ආදයම් වලින් බාගයක් හොරා කනව මේ කාඩ් ක්‍රමය නැති නිසා, ටිකට් නොදී අත යට ගාන ගන්නව, නැත්නම් සාක්කුවෙ දාගන්නව, කඩ කාරයො බදු වලින් පනිනව, මෙයාලට කිසිදු උවමනාවක් නැහැ. ඔය වගේ තැනකට ඇවිත් හීන කියවල යනව කෙරෙන්නෙ නැහැ, ඉලෝන් මස්ක් හම්බවෙලා මනුස්සකමට කකා කලාම මෙයා ටෙස්ලකම්පැනි ගැන හීනබලනව, මෙහෙ සහචරයො අප්පුඩි ගහනව.හරිමගොං
මෙයාගේ හැමදාම තියෙන්නේ අරමුණු විතරයි , එකත් චන්දෙ කාලෙට විතරයි
රනිල් සීයේ , ඔයා කරදර වෙන්න එපා. අපි දන්නවා ඔයා ඔයවගේ ගොඩාක් පොරොන්දු අවුරුදු 40 පුරාවටම දුන්නා...මතකද ෆොක්ස්වැගන් ..අපි තරුණයෝ රටේ අනාගතය බලාගන්නම්. තව මාස 3 න් ඔයාගේ පිනා කාලය ඉවරයි. දැන් වලපයයි ගොඩපයයි තියාගෙන නැති ලෙඩ දාගෙන ජිවිතයේ අන්තිම කාලයේ හිරේ ලගින්නද හදන්නේ ?
ඉස්සර දවසක් " කොළඹ හදන්න යන වරාය නඟරය නිසා අපේ මුහුද කොළඹ ඉඳල බෙන්තොටට යනකල් විනාශ වෙනවා. අපි බලයට ආ ගමන් ඕක නවත්වනවා." කියල නේද කිවේ.
අනේ ඒ ඇති චීනයට ලංකාවට අයිති නැහැ නේද?
ඔවු ඔවු කළා තමයි හම්බන්තොට වරායටත්. ඔය දැන් හොඳට ලැබෙන්නේ ඩොලර් හෝ ගාල. කරපු හැමදේම බොහොම ලස්සනට කරලා තියෙනවානේ?
කතාව රොස් රොයිස් එකෙන් යනවිදියට වුණත් ගමන යන්නේ පයින්
ඉදලා ඉදලා ගමේ ගෙදරකට ගිහින් පිස්සු කතාවක් කියන සියා කෙනෙක් අපේ ගමෙත් හිටියා