
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක සහ ලේකම් ඉසුරු නෙත්තිකුමාරගේ මහත්වරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර විනය විරෝධීව කටයුතු කර ඇති හෙයින් එම විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කර සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයාට ලිපියක් යවමින් දැනුම්දී ඇත.
අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවී ඇති සාපරදි ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබියදී එම විනිසුරුවරුන් දෙදෙනා එම පර්යේෂණ ක්‍රියාවලිය කඩාකප්පල් කර යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද විජයදාස රාජපක්ෂ මහතා එම ලිපියෙන් දැනුම් දෙයි.
අධිකරණ ක්ෂේත්‍රයේ අනීතික ක්‍රියා හෙළිදරව් කර තිබියදී ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීම සියලු විනිසුරුවරුන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක්ව තිබියදී තමාගේ එම හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ද්වේශ සහගතව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බව එම ලිපියෙන් පෙන්වා දෙන රාජපක්ෂ මහතා තමා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වෙන් පසු විනිසුරුවරුන් තිස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඒ ගැන තමාට ස්තුති කළ බවද සඳහන් කරයි.
ඉහත ප්‍රකාශ නිකුත් කර ඇත්තේ අධිකරණමය විෂය පථයේ කොටසක් ලෙස නොව පෞද්ගලික හෝ පෞද්ගලික මට්ටමින් ඇති කරගත් බැඳියාවක් මත වන හෙයින් එම ක්‍රියාව පැහැදිලි ලෙසම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත උල්ලංඝනය කිරීමක් බවද විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.v
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිල්දාස ඉතින ඕක එලියට ඇවිල්ලා කියන්නකෝ ඇයි පාර්ලිමේන්තුවේ ඇතුලේ කියන්නේ
තමන්ගේ එකා රැකගන්න ඕනෑම පහත් වැඩක් කරන එක අපේ අයගේ පුරුද්ද. අධිකරණයත් එහෙම වෙන්න ඇති
විජයදාස රාජපක්ෂ කියන්නේ අමු තක්කඩියෙක්. කුහකයෙක්. මෙයා හිතන් ඉන්නේ මෙයා පාර්ලිමේන්තුව අස්සේ ඉඳන් පුද්ගලික තරහ පිරිමහ ගන්න විනිසුරුවන් හෑල්ලුවට ලක්කරන ඒවා රටේ ඉන්න මොලේ තියන මිනිස්සුත් අනුමත කරන්න ඕනා කියලා. ඊළඟට එන ආණ්ඩුවකින් මේ මනුස්සයාගේ හොර වැඩ සල්ලි හම්බු කරපු හැටි වෙනම පරීක්ෂණයක් කල යුතුමයි
ඇයි මෙයාගේ ප්‍රකාශ දේව වාක්‍ය ද? ඒවා ගැන තව කෙනෙක්ට අදහසක් දක්වන්න බැරිද?
හොරෙක් කොහොමද තවත් හොරෙකු වැරදියි කියන්නේ ?
මට නම් අධිකරණ ඇමැති පාර්ලිමේන්තුව ප්‍රකාශයේ කිසිදු වරදක් දෑක්කෙ නෑ. විනිසුරුවන් ස්වභාවික නිතියේ මුල ධර්ම දෑන ගන්න ඕනි. එයාට බෑ නිති උපදේශ දෙන්න නඩු අහන ගමන්. තමන් කලින් වෑඩ කළ උසාවියේ බඩු නෑති වෙලා නම් අපිද වග කියන ඔනි. හරියට බාරදිම් බාර ගෑනිම් වෙන්න ඔනි. හොරෙන් විදුලිය අරන් නම් අපි වගෙ සිවිල් අයට දෙන දඩුවම මොකද්ද ? . නිතියට අනුව වෑඩ කරන්න