ඊශ්රායලයට ඇමෙරිකාවෙන් ටොන් 10,000 ක හමුදා ආධාර
ඇමෙරිකාවෙන්, තමන්ට ටොන් 10,000 ක හමුදා උපකරණ තොගයක් ලැබුණු බව ඊශ්රායලය පවසයි. ඊශ්රායලය පවසන ආකාරයට, මෙම හමුදා උපකරණ ඔවුන්ට ලැබී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්රායලයට එල්ල කළ අමානුෂික ප්රහාරයෙන් පසුව අදියර කීපයක් යටතේය. ඇමෙරිකන් හමුදා ගුවන් යානා, ගමන් වාර 200 කදී මෙම හමුදා උපකරණ රැගෙනවිත් තිබේ.