
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයේ දී විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්‍රි රහීම් මහතා අද (16 )දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගී සිටි බැව් ජනතාව පවසති.
කල්පිටිය නගරය තුළ විශේෂ ගරු බුහුමන් සහ පොලිස් අචාර මැද මන්ත්‍රීවරයා උත්සව භූමිය කරා කැටුව යනු දැකිය හැකි විය.
කල්පිටියේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයේ පවරණ ලද නඩුවක් විගායට ගත් තෙවරකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අධිකරණය මගහැර සිටියේ ය.
අධිකරණය මගහැර සිටීම, නීතිඥවරෙයකු හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී නොසිටීම ආදී කරුණු පදනම් කර ගනිමින් අතිරේක දිසා විනිසුරුවරිය හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහාම අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසට කල්පිටිය පොලිසියට නියෝග කර ලදි.
මන්ත්‍රීවරයා මෙසේ විවෘත වරෙන්තු සහිතව ප්‍රසිද්දීයේ හැසිරීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල් එදිරිසිංහ මහතාගෙන් අප විමසා සිටියෙමු. ඒ මහතා පැවසුවේ, මෙතෙක් මන්ත්‍රීවරයා අධිකරනයට ඉදිරිපත් වී නොමැති බවත්,ඉක්මනින්ම ඉදිරිපත්වනු ඇතැයි තමන් විශ්වාස කරනවා.
මෙම උළෙලට වයඹ පළාත් ආණ්ඩුකාර අහමඩ් නසීර මහතා ද සහභාගීවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්පිටිය පොලිසියටත් වරෙන්තු නිකුත් කරන්න ඕන වගේ ස්ථානාධිපති කියලා තියෙන දෙයට. එක්කෝ බයයි නැත්නම් හෙන්චයියෙක්. දෙකෙන් මෝක වුනත් පොලිසියටත් ලැජ්ජාවක්. යුක්තිය අයුක්තිය කරනවා.
ගානක් නෑ .නීතියේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියනවා නේ ?
මොහු අධිකරණයටත් ගරු නොකරමින් මෙසේ හැසිරෙන්නේ කාගේ හයිය අරගෙනද?මේ බලු දේශපාලු ක්‍රමයට තිත තැබිය යුතු නොවේද?
දැන් ඔය පොලිස් නිළධාරිගෙන් අධිකරණයට අපහාසයක් වෙන්නෙ නැද්ද .විවෘත වරෙන්තු තියෙනවා .පොලිස් නිළධාරි එයා ඉදිරිපත් වේවි කියලා ඔහුට ආරක්ෂාව දෙමින් ඉන්නවා මිස අතඩංගුවට ගන්නෙ නැහැ. කොහොමද ඒක
සිරිලාල් ගෑණිගෙ සාය ඇදගනින්
දේශපාලන බලය ඉදිරියේ පොලිසියේ අකාර්යක්ෂම භාවයත් ,දේශපාලුවෝ නීතිය නොතකීමත් අධිකරණයට අපහාස කිරීමත් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමත් මෙයින් සනිටුහන් වෙනවා
පාලනය ගිලිහිලා පාලකයා පිස්සු නටනවා
දේශපාලකයන් පාසල් භූමිවලට උත්සව සදහා වැද්ද නොගැනීමට ගුරු විදුහල්පතිවරුන් ගත සාමුහික තීරණයට මෙම පාසල අයත් නැද්ද? ජෝසප් ස්ටාලින් මහින්ද සමරසිංහ දෙබැයන්ගේ සියලු තර්ජන ගර්ජන සහ ලොකු ටෝක් සිංහල ගුරු විදුහල්පතිවරුන් සහ සිංහල දරුවන් වෙනුවෙන් පමණක් ද?
කල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කකුල් දෙකේ බූරුවෙක් ද දන්නේ නැහැ. උසාවි නියෝගයක් දීලා තියෙද්දී ඒක ක්‍රියාත්මක නොකර බයිලා ගහන්න. ඒ නිසා මේ පිළිබඳව අදාල රාජ්‍ය නොවන සංවිධානය කල්පිටිය මහෙස්ත්‍රාත්තමියට දැනුම් දීලා මේ පොලිස් බූරුවට උසාවියට අපහස කිරීම සම්බන්ධයෙන් දඩුවම් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.
කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල් එදිරිසිංහ මහතාගෙ පුන්සක වදන් - "මෙතෙක් මන්ත්‍රීවරයා අධිකරනයට ඉදිරිපත් වී නොමැති බවත්,ඉක්මනින්ම ඉදිරිපත්වනු ඇතැයි තමන් විශ්වාස කරනවා."
පහත් තැනින් යයි ගලා ජලේ.. දුප්පත් අහිංසක එකාට තමයි ඔක්කෝම නීති. පොල් ගෙඩි දෙකක් කඩපු එකා හිරේ ඒ වුනාට රජය අක්කර දහස් ගණන් සුද්ද කරලා හොරා කාපු අයට ලැබෙන හරසර මේකද රටේ නීතිය ?
පොලිසියට පුළුවන් විරුද්ධවාදීන්ගේ උද්ඝෝෂණ දෑ වලට පහර දී අත්අඩංගුවට ගන්න. වරෙන්තු නිකුත් කළ අයව අත්අඩංගුවට ගන්න බැහැ . මෙරට පුරවැසියෙක් නොවන ඩයනා ගමගේ නිදැල්ලේ ඉන්නවා . අහෝ දේශබන්දුගේත් ඇමැතිගේත් යුක්තිය! ලොක්කා දේශබන්දු පත් කලෙත් ඔය වගේ අයුක්ති සහගත වැඩ කරවාගන්න.
සිංගප්පූරුව මැලේෂියාව,ඉන්දියාව ,වියටිනාමය ඇතුළු වේගයෙන් දියුණුව කරා ළංවෙන රටවල් මුලින්ම ස්ථාපිත කලේ නීතිය සැමට සාධාරණ ව කඩිනමින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයයි.අපේ රටට එම වාසනාව මේ වංචනික දූෂිත හොර දේශපාලුවන් උදාකරන්නේ නැත..
පොලීසිය හොඳින්ම එය දන්නවා. නමත් තමන්ගේ තරු ගළවගන්න හෝ ඈත පළාතකට රාජකාරි සඳහා යන්න බැරි කමට ඉන්නව ඇති. නමුත් නව පොලිස්පති තුමා ඔහුව රකීවි. නිවට කමකුයි කරලා තියෙන්නේ
ඔය විධියට, හැම පොලිස් ස්ථානාධිපති කෙනක්ම වරෙන්තුකරුවන් අධිකරනයට, ඉක්මනින්ම ඉදිරිපත්වනු ඇතැයි විශ්වාස කරගෙන ඉන්නවා ඇතිනේද?
ගරු අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් පොලිසියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුය
පොලිසියේ කොන්ද පණ නැතිකම පෙන්වන උදාහරණ. උසාවිය ගනන් නොගෙන සිටීමේ වරදට පොලිස් ස්ථානාධිපතිට දඬුවම් නැතිද? සාමාන්‍ය ජනතාවට නීතිය පිළිබඳව විශ්වාසය නැතිවීම භයානක බව බලධාරීන්ට වැටිලා නෑ....
අද සිරිලංකාව කියන්නේ ඔන්න ඕකට තමයි. අපි නීතියට පහලින්, ඔය වගේ උන් නීතියට උඩින් සොමිබීකරනය කල නිතිය ආරක්ෂා කල උන් නරි බල්ලන්ගේ තත්වයට පත් කරලා. මුන් කියනවා උන් රකින එකාලට චන්දෙ දෙන්නලු. එතකොට රටට හරි යනවලු.
යකාගේ නීති තියෙන රටක්.
අන්න ඒකයි ලංකාවේ නීතිය .කොරෝනා දවස්වලත් එහෙමනේ උනේ
ඔය පළාතේ පොලිසියත්, නැතිබැරි, අසරණ අයට නීතිය ක්‍රියාත්මක කළත්, සබ්‍රි වගේ හයිය, ශක්තිය බලය තියෙන අයට සැලියුට් ගහලා, ඇස් පියාගෙන ශේප් එකෙන් මාරුවී ගියා...!!!
සාමාන්‍ය මිනිහෙකුට නම් පොලිසියෙන් ඇවිත් ත්‍රස්තවාදියකු අරගෙන යන විදියට පොලිසියට ගෙනියන්නේ... මෙවන් නිලධාරින් මෙවැනි රැකියාවකට සුදුසු නැත...
නීතිය අකුරාට කියන ටිරාන් -බන්දු දන්නෙම නෑ නේ ඔය පළාත්වල යුක්තිය නට් එකේ
උසාවි නියෝග කඩ කිරීම සම්බන්ධව මුලින්ම මේ පොලිස්පති උසාවියට ඉදිරිපත් කරන්න වෙන්නේ. මේ වගේ කාලකන්නි සාමාන්‍ය මිනිහෙක්ට මෙහෙම ඉන්න දෙයිද? දේශපාලුවන්ට ගැතිකම් කරන්නේ සුදුසුකම් නැතිව හොරට පත්වීම් ලබාගත්තු බත්බැලයින්...
"උස් තැන් දැක හැකිලෙන, මිටි තැන දැක පුම්බන" සිරි ලංකා පොලිසියෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න එපා.... මුර බල්ලන්ගෙන් පාලකයින්ව ආරක්ෂා කරනවා විනා මහජනතාව ආරක්ෂා කිරීමක් බලාපොරොතු වෙන්න එපා... මිනීමරුවොත් පාර්ලිමේන්තුවේ වජබෙන්නේ ෂෝක් එකට... බල්ලන්ට ගිය රටේ මේකත් පුදුම වෙන්න කාරනාවක්ද එක අතකට...?
ටිරාන් අලස්...!
නීතියක් නෑ. නීතිය සමාන වෙන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි. දේශපාලකයෝ, සල්ලිකාරයෝ බලය හරහා නීතිය නවනවා තමන්ට ඕනෑ ලෙසට. මේ රට ඉතිහාසය පුරාම විනාශ කලේ මේ ටික තමයි...
දැන් කාලයේ නීතියේ ආධිපත්‍යය තියෙන්නේ පාර්ලිමේන්තුවටලු. ඉතින් මේ වරෙන්තුව පාර්ලිමේන්තු වරෙන්තුවක් නොවන නිසා වෙන්න ඇති එන්න ඇත්තේ?