(අංජුල මහික වීරරත්න)
විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.
විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බවද අමාත්‍යවරයා කීය.
මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද ඡන්දේ තියෙන දිනේ වෙනකල් භාණ්ඩාගාරේම බෙදලා දැම්මා නම්…? මේ මිනිස්සු පරදින බව දැනගෙන මේ රටේ ආර්ථිකය කාබාසිනියා කරනවා. අළුත් ආණ්ඩුවකින් මේ අයට නඩු දාන්න ඕනේ...
උද්දච්ච මෝඩයෝ, දැන් ඉතින් උඹලාගේ කාලය ඉවරයි. දැන් ඉතින් හිරේ යන්න ලැහැස්තිවෙයන් ළඟදීම.
තමන් කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා නොදන්න දේශපාලන හාල් කෑල්ලක් මේ. විදුලි ගාස්තු වැඩි කරන විට ඔය මුකුත් කතා නැහැ පුරාජේරු කතා කිය කියා ඒවා කෙරවා. දැන් චන්දයට මුහුණ දෙන්න බැරි උනාම බොරු බයිලා ගහලා රට අන්දන්න හදනවා.
ඉතින් බං, විදුලි බිල අඩු කල එකෙන් වාසි ලැබුනේ ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයටනම් ව්‍යාපාර කරන මිනිස්සු බඩු මිල අඩුකරන්නේ උන්ගේ සැට් එක උගසට තියලාද?