කෝටි 6ක විශ මත්ද්‍රව්‍ය සීදුවෙන් අල්ලයි ඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි ’’ කළම්බු කාගෝ ’’ නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (07) දින සවස අත් අඩංගුවට ගෙන තිබේ . 07 December 2023
මන්ත්‍රීවරුන් බයිට් කරන කෙනෙක් ගැන චාමරගෙන් පැමිණිල්ලක් මන්ත්‍රීවරුන්ට දුරකතන ඇමතුම්දී සමච්චලයට ලක් කරන( බයිට් කරන) සිවිල් ක්‍රියාකාරිකයකු පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 December 2023
ගිලන් භීක්ෂූන් වැඩ සිටින විහාරයේ විදුලිය කපයි-භික්ෂූහු තෙනමක් අපවත් වෙති ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ හත්දහසකට ආසන්න විදුලු බිලක් නොගෙවීම් නිසාවෙන් විදුලිය විසන්ධි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිල සිරි හිමියන් පැවසූහ. 07 December 2023
ඇමරිකාව ලංකාවට වඩා හිඟන රටක් ඇමරිකාව කියන්නේ ලංකාවටත් වඩා හිඟන රටක් බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 December 2023
කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ ලෙඩ වෙලා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. 07 December 2023
යුක්රේනයට - ඊශ්‍රායලයට ආධාර ඉල්ලූ බයිඩන්ගේ යෝජනාව පරදියි යුක්රේනයට සහ ඊශ්‍රායලයට ඇමෙරිකානු ඩොලර් බිලියන 106 ක ආධාර පැකේජයක් ලබා දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සෙනෙට් සභාවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයෝ ප්‍රතික්ෂේප කරනු ලැබූහ. 07 December 2023
යුක්රේනයට දුන් සැලකිල්ල පලස්තීන ප්‍රශ්නයටත් දෙන්න යුක්රේන ප්රශ්නය ඇතිවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ක්ෂණිකව ඒ සම්බන්ධව ප්‍රතිචාර දැක් වූ ලෙසින් පලස්තීන ප්රශ්නයේදීත් විවෘත හා පැහැදිලි ස්ථාවරයක් ගත යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 December 2023
විපක්ෂනායකගෙන් විදේශ ඇමතිට යෝජනාවක් දේශපාලනඥයන් ඇතුළු පිරිස් විදේශ රටවල සඟවා ඇති මුදල් ඇතුළු සම්පත් මේ රටට ගෙන්වා ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඒ සඳහා නිදිවරාගෙන වැඩ කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 December 2023
ලක්ෂ 50ක භාණ්ඩ සොරාගත් නිවසේ මුරකරු මාට්ටු කෝටිපති ව්යාපාරීකයකුට අයත් ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයෙ පිහිටි ඉඩමක තිබු ට්‍රැක්ටරයක් ඇතුළු ලක්ෂ 50 කට ආසන්න වටිනා දෑ සොරා ගත් වතු මුරකරුවකු අත්අඩංංගුවට ගත් බව පොලීසිය කියයි. 07 December 2023
රත්තරන් මිල තවත් ඉහළ යයි දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (7) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 07 December 2023
’’සිලෝන් ටී’’ බබලවන්න පර්යේෂණ පත්‍රිකා 34ක් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ උන්නතිය සඳහා හේතුවන පර්යේෂණ පත්‍රිකා 34ක් අද එළිදැක්විණි. 07 December 2023
ගඟට වැටුණ සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි ග්‍රෑන්ඩ්පාස් වික්ටෝරියා පාලම මතින් කැලණි ගඟට වැටුණු බව කියන පොලිස් සැරයන්වරයාගේ මළ සිරුර දෙහිවල ඕබන් පෙදෙසේ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී දින 7 කට පසු හමු වූ බව දෙහිවල පොලිසිය කියයි 07 December 2023
පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන්නැයි ජනපති ඉල්ලයි රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 December 2023
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයෙක් අල්ලයි විදේශ රටක සැඟව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජලය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන හඳපාන්ගොඩ හදයා නැමැති පුද්ගලයාගේ ප්‍රධන ගෝලයා බව කියන සැකකරුවකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 07 December 2023
මැතිසබේ කමිටු ඇස්බැන්දුමක් පාර්ලිමේන්තුවේ ඇතැම් කමිටු ඇස්බැන්දුමක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසිය. 07 December 2023
වරාය සේවකයෝ මාර්ගය අවහිර කරති වරාය වෘත්තීය සමිති එකමුතුව ’බයිලා එපා වැටුප් වැඩි කරනු’ යන සටන්පාඨයේ අතරේ මේ වන විට වරාය ඉදිරිපිට කාන් ඔරලෝසු කණුව අසල පවත්වන විරෝධතාවය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ. 07 December 2023
සීනි බදු වංචා පරීක්ෂණය නැවතී නෑ සීනි බදු වංචාව ගැන පරීක්ෂණ නැවතී නැතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 December 2023
සජිත් සාටකයක් පැළඳ ඇවිත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝකයට, මැදපෙරදිගට සාමය ප්‍රාර්ථනා කිරීම සඳහා සුදු සහ කළු පැහැති මෝස්තරයක් සහිත සාටකයක් පැළඳ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගිවීම පාර්ලිමේන්තුවේ අද (7) සිදුවූ විශේෂ සිද්ධියක් විය. 07 December 2023
අලි සබ්රිගෙන් රටට සුභ ආරංචියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද(7) පැවසීය. 07 December 2023
විපක්ෂ නායක ඉල්ලා අස් වුනා ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී දැයි පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. 07 December 2023
පංශු සම්පත් මණ්ඩල අලෙවිසලේ මුරකරු ඝාතකයා අල්ලයි ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් අලෙවි සැලක මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ප්‍රධාන සැකකරු බියගම ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 December 2023
විදුර හිස නමන තැන තමා හිස නමන්නේ පුරාවිද්‍යා අඥා පනතට පමණක් බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 December 2023
සජබ මන්ත්‍රී වඩිවේල් ජනාධිපති උපදේශක කරයි සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ජනාධිපති උපදේශක තනතුරකට පත්කර තිබේ. 07 December 2023
නවතා තිබු කාරය හිටි හැටියේ ගිනිඅරන් අකුරැස්ස යෝජිත බස්නැවතුම්පොළ භූමියේ නවතා තිබූ කාර් රථයක් හිටිහැටියේ ගිනිගෙන විනාශ වූ අතර ඉන් කිසිවකුට අනතුරක් සිදුවී නොමැති බව අකුරැස්ස පොලීසිය කියයි. 07 December 2023
සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 07 December 2023
දින හතේ නිවුන්නු විසි පන්දාහට විකුණන්න හදලා ඉපදී දින හතක් ගිය නිවුන් දරුවන් දෙදෙනෙකු මුදලට වික්ක පිලියන්දල ප්‍රදේශයේ තරුණ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන් මිලදී ගෙන තිබු කාන්තාවන් දෙදෙනෙකුද අද (07) උදේ අත්අඅඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. 07 December 2023
ලංකාවේ ගමන ලෝක මූල්‍ය ආයතන පිළිගත්තා ලෝක ආර්ථික අවපාතය හමුවේ බංකොලොත් වූ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙන බව ලෝක මූල්‍ය සමාගම් පවා පිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 December 2023
නීති විද්‍යාලයට රජයෙන් ඉඩමක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 07 December 2023
ගිනිඅවි උණ්ඩ සමඟ තුර්කියට යන්න ආ අයෙක් අල්ලයි ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය මගින් අද(07 ) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . 07 December 2023
තියුණු ආයුධවලින් පහරදී අයෙක් මරලා තංගල්ල පොලිස් වසමේ මොරකැටිය ඉහළගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි පොලීසිය කියයි. 07 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026