
(රෝෂන් තුෂාර)
අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකගේ මුහුණ තියුණු තලයකින් කපා බරපතල තුවාල සිදුකළ බව කියන බන්ධනාගාර රැඳවියාට රුපියල් ලක්ෂ 5ක් වටිනා ශරීර ඇපයක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද (17)නියම කළේය.
සිද්ධියට සම්බන්ධ සැකකාර රැඳවියා බොරැල්ල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
මත්කුඩු ජාවාරම් මිනීමැරුම් ඇතුළු සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉල්හාම් නැමැති සැකකරු පොලිස් පරීක්ෂකවරයාගේ මුව තියුණු තලයකින් කපා බරපතල තුවාල සිදුකර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයාගේ මුවට මැහුම් 10 ක් පමණ දමා ඇති බවද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු වලින් හෙළි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය මගින් ලැබෙන්නේ නැති දඬුවම් හිරේදී ලැබෙනවා