IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’එල් බෝඩ්’’ පක්ෂවලට මේ වෙලාව නෙමෙයි

(අංජුල මහික වීරරත්න)

"එල් බෝඩ්" දේශපාලන පක්ෂ වලට අනාගතයේ යම් දවසක රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය හැකි නමුත් මේ මොහොතේ පාලනය ලබා දිය යුත්තේ අත්දැකීම්, පරිණතභාවය බහුල රනිල් වික්‍රමසිංහට  පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය හැම විටම ඇත්ත කියන පක්ෂයක් බව කී අබේවර්ධන මහතා කවුරුන් හෝ මේ මොහොතේ බොරු කියා යන පාර වෙනස් කළොත් ඡන්දෙන් පසුව ඒ අයගේ ගෙවල් වලට ගොස් කන්න බොන්න ඉල්ලා ගන්නට ජනතාවට සිදුවනු ඇති බව පැවසීය.

රනිල්  රට බාර ගෙන දේශපාලන පක්ෂ වලට බොරු කීමට නොහැකි වන ආකාරයේ  පනතක් පවා සම්මත කරගෙන තිබෙන බව කී අබෙිවර්ධන මහතා මේ විනය ගරුක පාරෙන් පිට පැන්නොත් රටට මාවතක් නොමැති වනු ඇති බව කීය.

වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති එක්සත් ලක්වනිතා පෙරමුණේ  රැස්වීමක් අමතමිනි.



අදහස් (16)

’’එල් බෝඩ්’’ පක්ෂවලට මේ වෙලාව නෙමෙයි

PATTA hora Wednesday, 17 July 2024 02:56 PM

ජෝකර්ලාට, බැංකු මංකොල්ල කාරයින්ට, නාකින්ට මේ වේලාව අන්තිම නීචයි.

:       14       115

kulitha Wednesday, 17 July 2024 03:17 PM

පැරදිලා.. පැරදිලා. ජනතාව එපා කියපු තක්කඩි ජඩ දේශපාලන රැකවරණය තිබෙන තාක් මොවුන් නිදහස්.. හවුල් සමාගමේ කොටස්කරුවන්...!

:       11       88

Silva Wednesday, 17 July 2024 03:24 PM

ලස්සන ඡායාරූපයක්... හිස් පුටු ගොඩායි..!

:       10       63

Lakmal Wednesday, 17 July 2024 03:28 PM

ඔබලා වගේ රට කාපු අයටත් මේ වෙලාව හොඳ නෑ. පරිස්සම් වෙන්න පිනාගේ ගෝලයා...

:       9       62

tissa Wednesday, 17 July 2024 03:31 PM

ඉතින් ඔය "එල් බෝඩ්" දේශපාලන පක්ෂනේ රට බංකොලොත් වෙනකම් උඩ බලාගෙන හිටියේ.

:       8       52

thushara Wednesday, 17 July 2024 03:32 PM

අපේ ගමේ මරණාධාර සමිතියෙත් ඔයිට වඩා සෙනග ඉන්නවා

:       7       67

Nalaka Wednesday, 17 July 2024 03:51 PM

අනේ අපිට L බෝඩ් එපා... සුපුරුදු හොරුම තමා ඕනේ...

:       0       0

Ana Wednesday, 17 July 2024 03:53 PM

ඔක්කොම 240ට අඩුයි...

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 17 July 2024 03:56 PM

ඒකට කමක් නැහැ වජිර මෙදා සැරේ අපි මාලිමාවට...!

:       0       0

විජිත් Wednesday, 17 July 2024 03:56 PM

"අත්දැකීම්, පරිණතභාවය බහුල රනිල් වික්‍රමසිංහට ..." ඔව් ඔව් අපි දන්නවා මිනිහාට අවුරුදු 40 ක විතර අත්දැකීම් තියෙනවා මිනී මරන්න , බැංකු කඩන්න , හොරකම් කරන්න, ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න.. . තමුසේ කියන L බෝඩ් එක ගොඩාක් හොඳයි තමුසෙලාගෙ H ( හොරු ) බෝඩ් එකට වඩා. තව ටික දවසකින් රටේ ජනතාව තීරණය කරයි තමුසෙලාට කරන දෙය ගැන. මාලිමාවට ජයවේවා !!!

:       0       2

Buddika Wednesday, 17 July 2024 04:00 PM

ඔව් ඔව් ඔහේ වගේ රටත් පක්ශයත් කාපු එවුන්ට නම් දැන් නම් වෙලාව විතරක් නෙවෙයි අනාගතයත් සදහටම අවුල්.මෙයාට නැවත පාර්ලිමේන්තු එන එක එලිනොවෙන හීනයක්.

:       0       2

Chandima Wednesday, 17 July 2024 04:34 PM

අවුරුදු තිස් ගානක් වාහනේ ගත්තු ගානේ හප්පගත්තා .තෙල් හොරකම් කරලා විකුනපු ,පාරේ යන්න ඇස් පේන්නෙත් නැති හොරෙකුට වඩා එල් බෝඩ් කාරයෙක් එක්කලා යන එක හොඳ නැතිද ?

:       0       1

irfan Wednesday, 17 July 2024 04:57 PM

ඔය මොනවා කිව්වත් අපේ ඡන්ද මාලිමාවට....

:       0       2

shantha Wednesday, 17 July 2024 05:37 PM

හූ .............................හු ...............ඔච්චරද සෙනග ආවේ ?

:       0       2

sachith Wednesday, 17 July 2024 06:03 PM

මෙච්චර දවසක් රට කරවපු උගත්, බුද්ධිමත් රියදුරන්ගේ තරම පේනවා.. වාහනේ දැන් තියෙන තත්වය දැක්කාම..

:       3       30

irfan Thursday, 18 July 2024 09:53 AM

මාලිමාවට ජයවෙව්වා

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site