IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට කැබිනට් සංදේශයක්

(අංජුල මහික වීරරත්න)

එළඹෙන ජනපතිවරණ අපේක්ෂකයන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීමද එම කමිටුවට පැවරෙන්නේය.

එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමටත් එම කැබිනට් සංදේශයෙන් ජනාධිපතිවරයා යෝජනා කර ඇත.



අදහස් (13)

ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට කැබිනට් සංදේශයක්

Chandima Wednesday, 17 July 2024 04:36 PM

අනුර දිසානායකව මරන්න නේද මේ ප්ලෑන් කරන්නේ ?අපට හැරෙනකොට තේරෙනවා වස්සා හදන්නේ පොල් පැලේ කන්න කියලා

:       1       0

kalum Wednesday, 17 July 2024 04:56 PM

සීයා අරාදින්නේ හොඳ වැඩකට නෙමෙයි .හොරාට ඉස්සෙල්ලා වැට පනින්නයි යන්නේ. AKD ව පරිස්සම් කරගන්න වෙයි

:       1       0

පිටිගල මිලානෝ Wednesday, 17 July 2024 04:59 PM

මහජනයාගේ පැත්තෙනුත් ආරක්ෂාව තර කරන්න ඕනෙ. ගුවන්තොටුපොලවල. චන්ද ප්‍රථිපල එන්නත් ඉස්සර හැත්ත බුරුත්තම පැනලා යන එක නවත්වන්න. මේ පාර වත් කපුටාව ගලකින් ගහලා හරි අල්ලාගන්න බලන්න. ඕකා හොර බළළා වගේ හැමදාම පනිනවා.

:       0       0

Karunajewa Wednesday, 17 July 2024 05:00 PM

NPP අනුරගේ ආරක්ෂාව කොහොමද සිදු කරන්නේ කියා මුට්ටිය දමා බලන්න හදනවා.. ගේමක් ගහන්න වගෙයි හදන්නේ. ..

:       1       0

පුරවැසියා Wednesday, 17 July 2024 05:08 PM

බුදුවරු ලක්ෂ ගණන් බිහි වුවත් නැවත මනුෂ්‍ය ආත්මයක් ගන්න බැරි කෙනෙක්...

:       7       16

විජිත් Wednesday, 17 July 2024 05:13 PM

"හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීමද එම කමිටුවට පැවරෙන්නේය. " ඒවා ඉවරයි සීයේ. මෙයා දන්නවා මෙයා ඉවරයි කියලා.. මීළඟට පත්වන මහජන රජයෙන් රට කාපු හිටපු ජනාධිපතිලාට ආරක්ෂාව තවත් අඩුකරනවා. ඕනෑ නම් රාළහාමි කෙනෙක් දෙයි. ඒකත් වැඩියි මොවුන්ට...!

:       5       17

lalith Wednesday, 17 July 2024 05:35 PM

වරද-රාජ්‍ය නිල බලය යොදාගෙන සංවිධානාත්මකව මිනී මැරුම් සංවිධානය කිරීම ,සහ ඒවාට අනුබල දීම

:       1       0

surangi Wednesday, 17 July 2024 05:35 PM

ජනාධිපති කාලේ ඉවරවුනාට පස්සේ සාමාන්‍ය මිනිසෙකුගේ තත්වයට දැමිය යුතුයි. ඒ කියන්නේ කාලය අවසන්වුනාට පස්සේ රජයෙන් දීලා තිබුන පහසුකම් ඔක්කොම නැවැත්විය යුතුයි. උන් ඔක්කොම බල්ලා මාක් එකට දැමිය යුතුයි.අවංකව සාධාරණව ,මහජනතාව සමග සිටිය ජනාධිපති කෙනෙකුට එයාගේ කාලයෙන් පසු ආරක්ෂාවක් අවශ්‍ය නැහැ.ඔය ආරක්ෂාව ඉල්ලන්නේ හොරු, මිනීමරුවෝ.

:       0       0

chandima Wednesday, 17 July 2024 05:40 PM

මේවා දැකලා අපිටත් ප්‍රීතියෙන් පිනා යනවා පිනෝ...!

:       1       0

chandima Wednesday, 17 July 2024 05:53 PM

ඒක මැතිවරණ කොමසාරිස්ගේ වැඩක් නේද? අනික මේ කවුරු කවුරුත් අපේක්ෂකයෝ වෙන්නේ නාමයෝජනා දුන්නාට පස්සෙනේ... ඈත කාලයේ ඒ හැමෝම සාමාන්‍ය පුරවැසියෝ...!

:       3       14

sachith Wednesday, 17 July 2024 06:04 PM

කොක්කෙන් බැරිනම් කෙක්කෙන් ජනාධිපතිවරයෙක් නොතියාම ජනාධිපති වෙන ක්‍රමය...

:       3       10

Mala Thursday, 18 July 2024 01:28 AM

මට පේන්නේ ධම්මික පෙරේරාට පොලිස් ආරක්ෂාව දෙන්න ක්‍රමයක් හොයන්න වගේ

:       0       1

Kamal Koyrala Thursday, 18 July 2024 11:22 AM

මොකටද කමිටු. ටිරාන්ට සහ බන්දු කෙලින්ම කියන්න කෝ එයාලගේ ඇති දක්ෂ පක්ෂ කමටනේ පත්කළේ බොහෝ විරෝධතා මැද්දේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site