IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඔන්ලයින් ණය ගෙන පොලු තියලා

(රෝෂන් තුෂාර)

කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකර ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ලයින් සමාගම් මගින් කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීය.

කොළඹ 07,OnCredit online සමාගම විසින් කොළඹ ,ගම්පහ,කළුතර, හම්බන්තොට, ගාල්ල, මාතර,බෙලිඅත්ත,අවිස්සාවේල්ල, කෑගල්ල ,මාවනැල්ල පොළොන්නරුව ,හඟුරන්කෙත, මන්නාරම, පුත්තලම, ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව මෙම නඩු පවරා ඇත.

විත්තිකරුවන්ට සැප්තැම්බර් 13 හා නොවැම්බර් 11 දිනවල අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ අතිරේක දිසා විනිසුරු අරුණ වික්‍රමසිංහ මහතා නොතීසි නිකුත් කරමින් දන්වා සිටියේය.

කිසිදු සුරැකුමක් ඉදිරිපත් නොකර ජංගම දුරකථන ඇප් එකක් සහ වෙබ් අඩවිය මගින් ණය මුදල් ලබා ගෙන හිතා මතා ගෙවීම් පැහැර හැරි පදිංචි පුද්ගලයන්ට එරෙහි නඩු කැඳවූ අවස්ථාවේදී මෙම නොතිසි නිකුත් කළේය.

මාර්ගත ක්‍රමය ඔස්සේ රුපියල් ලක්ෂ 02 වඩා අඩු ණය ලබාගෙන නියමිත පරිදි නොගෙවීම සම්බන්ධයෙන් 2022 අංක 33 දරණ සුළු හිමිකම් කාර්ය පටිපාටිය ප්‍රකාරව මෙම නඩු පවරා ඇත.

 



අදහස් (4)

ඔන්ලයින් ණය ගෙන පොලු තියලා

Ruwan De Silva Thursday, 18 July 2024 06:49 AM

මහා බැංකුවේ ලියාපදිංචි නැති නම් ණය අය කරගන්න බෑ නේද? සමාගමට එරෙහිවත් නඩු දාන්න පුළුවන් නේද?

:       0       9

sam Thursday, 18 July 2024 07:27 AM

ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් කෝටි ගණන් ණය අරගෙන හොරකම් කරලා බදු වංචා කරලා ඉන්නේ ඉස්සෙල්ලා උන්ව අල්ල ගන්නවා

:       3       9

රට වැසියා Thursday, 18 July 2024 10:02 AM

මේ ඔන්ලයින් ක්‍රමයම මුල්‍ය වංචාවක් කූට ව්‍යාපාරයක්, ආණ්ඩුවේ කවුරු හරි බලවතෙක් අල්ලගෙන ඹ්නැම අපරාධයක් කරන්න පුලුවන්, මේ ආයතනත් ඒ වගේ වෙන්න පුලුවන්. හැකි නම් මේ ආයතන වලටත් විරුද්ධව නිති ක්‍රියාත්මක කරන්න.

:       0       4

අනාතයා Friday, 19 July 2024 07:26 AM

මේක අපේ ප්ලැන් එකක් ඔය සමාගම් උසාවියට ගේන්න තමා අපි අරමුණු කරලා තියෙන්නේ. උසාවියේදි බලාගමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site