IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


උපසම්පදා පිංකමට ගල් පෙරළයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට ඊයේ 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනකු තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ දායකයන් දෙදෙනකු වන අතර සුළු තුවාල ලැබු තවත් කුඩා දරුවන් දෙදෙනකු නිවෙස් වලට රැගෙන ගොස් ප්‍රථිකාර ලබා දී ඇති බව කියයි.

අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ වැඩ වාසය කල විහාරවාසි දඹුල්ලේ සාරද හිමියන් උපසම්පදා විනය කර්මය පිහිටුවිමේන් පසු විහාරස්ථානයට වැඩම කර අදාල උත්සවය සංවිධානය කර තිබුණි.

එම උත්සවයට වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක තම්මැන්නාවැටියෙ රතනජෝති හිමියන් ඇතුළු මහ සංඝරත්නය මෙම උපසම්පදා පිළිගැනිමේ උත්සවයට එක්ව සිටි අතර .

එම උත්සවය පැවැත්වෙමින් තිබියදී විහාරස්ථානය ඉදිරිපස මාර්ගයෙ දෙසින් මාර්ගය අසල රැදි සිටි පිරිසක් රතිඥඥා පත්තු කරමින් හු කියමින් ගැටුම්කාරි තත්වයක් නිර්මාණය කරමින් තිබු බව කියයි.

ඒ සමග එය බැලිමට ලුම්බිණී විහාරස්ථානයෙ සිට මාර්ගය දෙසට පැමිනි දායකයන් පිරිසට මාර්ගයෙ සිටි පිරිස එකවර ගල් මුල් ප්‍රහාරයක් එල්ල කරන්නට වු බව පැවසෙයි.

ඒ සමගම අදාල සිද්දීය විඩියෝ කල ලුම්බිණී විහාරයෙ දායකයකුට මාර්ගයෙ සිට පිරිස පොලු මුගුරු වලින් පහර දි හෙල්මටයකින්ද පහර දීම සිදුව තිබේ.

ඔහු බේරා ගැනිමට ගිය තවත් අයකුටද මෙම කලහාකාරි පිරිස පහර එල්ල කර තිබේ කෙසේ වෙතත් ලුම්බිණි විහාරස්ථානයෙ සිටි දායකයන් මෙම සිද්දිය දැක දැඩි බියට පත්ව විහාරස්ථානය තුළම රැදි සිට තිබුනී.

මෙලෙස කලහාකාරි ලෙස හැසිරුණ පිරිස අතර කාන්තාවන්ද වු බවත් එසේ සිටි කාන්තාවන් අත ගල් හා මුගුරු තිබු බවද කියති.

 



අදහස් (13)

උපසම්පදා පිංකමට ගල් පෙරළයි

උපාසක Thursday, 18 July 2024 06:57 AM

ඔය සිද්ධිය යටින් අන්‍යාගමික පිරිසක් ඉන්නවාද නැත්නම් කුඩ්ඩො එතනෝල් හා කසිප්පු කාරයෝ ඉන්නවාද කියලා පරීක්ෂා කරන්න සිද්ධිය බරපතළ තත්වයක් වෙන්න පෙර බුද්ධ ශාසන ඇමැතිවරයා ඇහැරවලා නොපමාව පරීක්ෂණයක් කර සිද්ධියට සම්බන්ධ එවුන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය ආණ්ඩුව කියන්නෙ නම් බුදුසසුන රැකීම රජයේ වගකීමක් කියලා තමයි ඒක කොහොමද කියලා මේකෙන් බලමුකෝ

:       5       51

අරවින්ද මොනරවිල Thursday, 18 July 2024 11:23 AM

වඳ කොත්තු, වඳ යට ඇදුම් හා වඳ දොස්තරලා වගේ නාඩගමක් ආයේ පටන් ගන්නද උපාසක මහත්තයා හදන්නේ, සිද්ධියේ ඉන්නේ අන්‍යාගමිකයන්ද කුඩ්ඩන්ද කියලා හොයලා බලන්න කලින් තමුන් කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද කියලා කිව්වා නම් හරි.

:       14       11

Lalla Thursday, 18 July 2024 12:39 PM

බුදුසසුන රැකගන්න ඕන ඔය වගේ උපාසකයන් සහ එක එක නිකායට කඩේ යන ගෝත්‍රික කුලභේදය වපුරන හොර බෞද්ධයන්ගෙන්. තමන්ගේ එකෙකුට පන්සලේ බලය ගන්න බැරිවීම වගේ හේතුවලට කලබල ඇති කර වැඩ සිටින භික්ෂූන් පලවාහැරීමේ උත්සාහ වෙන්නත් පුලුවන්..

:       1       10

පිටිගල මිලානෝ Thursday, 18 July 2024 09:13 AM

දෙවිදත්තරයා ආයෙත් ඉපදිලා වත්ද….?

:       3       25

රංබොඩ Thursday, 18 July 2024 09:15 AM

මොවුන් කවුරුන්දැයි හඳුනා ගැනීම ඉතාම වැදගත්.

:       3       34

Rashmi Thursday, 18 July 2024 09:27 AM

දැන් අවුරුදු 20-25 ඉඳන් බෞද්ධාගම බරපතළ ලෙස දේශපාලණීකරණය වීම, මුදල් ඉපයීම මූලික අරමුණ ගත් ව්‍යාපාරයක් බවට පත් වීම, භික්ෂූන් වහන්සේලාගේ හැසිරීමේ පරිහාණියේ ප්‍රතිවිපාක තමයි මේ එක එක විදියට පිට දාන්නේ.

:       1       9

Nimal Thursday, 18 July 2024 09:46 AM

බේරා ගන්න ඕන නම් කියන්න රාජපක්ෂලා ඉන්නවා

:       3       2

ඇනෝ Thursday, 18 July 2024 09:49 AM

ඔය පන්සල තියෙන ප්‍රදේශයේ ක්‍රිස්තියානි අන්තවාදීන්ගේ ක්‍රියා වැඩියි . කලිනුත් ඔහොම සිද්ධියක් උනා. වෙසක් කූඩුවල කුරුස රූප සටහන් කරලා. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අදහන අයට බුදු හාමුදුරුවෝ එක්ක මාර තරහක් තියෙන්නේ.

:       5       8

Not a cultural Buddhist Thursday, 18 July 2024 09:56 AM

බුද්ධාගමට තර්ජනයක් .චන්දෙකුත් ලඟයි

:       3       5

sena Thursday, 18 July 2024 10:44 AM

රට බේරාගැනීම සදහා නායකයෙක් බිහිවීමට ඉතා ආසන්නයි

:       5       9

Ruwan R Thursday, 18 July 2024 11:09 AM

ආගම බේර ගන්න පුලුවන් නායකයෙක් ආයෙ ගේන්න වෙනවලු...

:       7       7

සෙනෙවිරත්න Thursday, 18 July 2024 11:32 AM

කුඩ්ඩො වත් අන්‍යාගමිකයො වත් කියල හිතහදාගන්න එපා, මේව තමයි නිකාය සහ පන්සල් වල තියෙන බෙදීම්, ඕව දායකයන්ගෙ ඔලුවලට දැම්මෙත් ඔය උන්නාන්සෙල තමයි. මතකද ඔය පැත්තෙ බණකට පිට නමක් වැඩල වෙච්ච කෝලහලේ, අසපු ආරාම හදාගෙන ගේට්ටු දාල බල්ලො හදල හදන සාසනේ ප්‍රතිපල තමයි. බුද්ධාගම රකින්න නීති අණපනත්, සහ රජය ඕන මේනිසා මිසක් හරි බුද්ධාගම රකින්න මොනවත් අවශ්‍ය නැහැ.

:       4       7

Mp Thursday, 18 July 2024 05:39 PM

මේ පිරිස මේ පළාතේ කසිප්පු, කුඩු, ගංජා, මත් පෙති, අයිස්, බාබූල්, හොර දැව, දඩ මස්, දේශපාලන අධිකාරියේ සහ ආරක්ෂක අංශවල දැඩි ආරක්ෂාව සහිතව කරන අය... මහා පරිමාණ දැව ජාවාරම් කරන පුද්ගලයකු හා කාන්තාවන් විදේශීය රට වලට යවා කොමිස් ගන්නා මුදලාලි දෙදෙනෙක් මේ සිද්ධි සඳහා සම්බන්ධ වී තිබේ. මේ පිරිස එකතු වී ජාවාරම් කරුවන්ට විරුද්ධව කටයුතු කරන මේ විහාරස්ථානය විනාශ කරමින් සිටී. සාලියයවැව ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේ හා දේශපාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් සියලු අපරාධ සිදු වේ. මේ විහාරස්ථානය නිතරම සාමාන්‍ය ජනයා වෙනුවෙන් පෙනී සිට ඇත.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 328 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 528 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 371 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 664 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1306 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 617 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site