හිටපු DIG නාලක නිදහස් ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එරෙහිව 2019 වසරේ දී පනවා තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය. 06 December 2023
උපාධි අපේක්ෂක සිසුවා පැහැරගත් සිසුන් අත්අඩංගුවට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන 18 හැවිරිදි සිසුවා සුඛෝපභෝගී මෝටර් රථයක් සමග පැහැරගෙන ඉඩමක්ද බලහත්කාරයෙන් ලියා ගැනීමට තැත් කළ පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි 06 December 2023
මාස 10ක් තුළ ලක්ෂ පහමාරකගේ විදුලිය කපලා ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් එහි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ පහමාරකට ආසන්න සංඛ්‍යාවක (544,488) විදුලි සැපයුම විසන්ධි කළ බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 December 2023
මෛත්‍රී මහවැලි ඉඩම් වංචාවක් හෙළි කරයි රටේ විවිධ පුද්ගලයන් මාදුරුඔය දකුණු ඉවුර ව්‍යාපෘතියට අයත් මහවැලි ඉඩම් අක්කර දහස් ගණනක් 2020 සහ 2021 වර්ෂවලදී නීති විරෝධීව අල්ලා ගැනීමෙන් බරපතළ ඉඩම් දූෂණයක් සිදු වූ බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 December 2023
ලංකාව- මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 December 2023
අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට 1979 අංක 25 කරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 December 2023
සැඩ පහරට හසුවූ ත්‍රිරෝද රිය ගසාගෙන යයි කිරමඔය උතුරා යාමෙන් තංගලු වෙල්යාය හරහා පහලගොඩ ,පලතුඩුව දක්වා වැටී ඇති මාර්ගයේ පිහිටි සපත්තු පාලමෙන් ගමන් කිරීමට පැමිණි ත්‍රිරෝද රියක් සැඩ පහර හසුව ගසා ගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි. 06 December 2023
දඩ වැඩි කරන්න කැබිනට් අනුමැතිය නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 06 December 2023
ගාල්ල කොටුව බලන්න සල්ලි අය කරන්න හදනවද? ගාල්ල කොටුවට ඇතුළු වන විට සංචාරකයන්ගෙන් ටිකට් අය කරන්නට යන බවට කතාවක් ඇතැයි ද ඒ ගැන හිතන්නවත් එපා යැයිද ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 December 2023
නිධන් සෙව් 11ක් පොලිස් දැලේ නිදන් සෙවිමේ අරමුනින් කැණිම් කරමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගල්වංගුව මුල්ලේගම හා බුළුපිටිගම යන ප්‍රදේශ වලින් කැණිම් කිරීමට යොදා ගත් යාන්ත්‍රික උපකරණ හා පුජා භාණ්ඩ තොගයක් සමග අද( 6 ) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි. 06 December 2023
රුසියන් ජනපති පුටින් මැදපෙරදිග සංචාරයක ඊශ්‍රායල හමාස් අර්බුදය සහ මැදපෙරදිග කලාපීය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, අද (6) එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත්, ඉන්පසු සෞදි අරාබියේත් සංචාරය කරනු ඇත. 06 December 2023
සිවිල් ආරක්ෂකයන්ට වන්දියක් අරන් ගෙදර යන්න වරම රටේ සිවිල් ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් වැඩ නොකර පඩි ගන්නා බවත් කැමති නම් වන්දි මුදලක් ලබාගෙන සේවයෙන් ඉවත්වීමට වැඩපිළිවෙලක් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් ළඟදීම හඳුන්වා දෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 December 2023
ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදිලා සිවිල් වැසියෝ 86 ක් මැරිලා උතුරුදිග නයිජීරියාවේ ත්රස්තවාදීන් ඉලක්ක කරගෙන, නයිජීරියානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්, එරට සිවිල් වැසියෝ 86 දෙනකු මියගොස් ඇතැයි නයිජීරියානු ජනාධිති බෝලා ටිනුබු පවසයි. 06 December 2023
වාලම්පුරිය කෝටි තුනකට විකුණන්න බැරිවෙයි බදුල්ල නගරයේ දී ඉතා වටිනා දුර්ලභ ගනයේ වාලම්පුරියක් රුපියල් කෝටි 3ක මුදලකට විකිණීමට ගිය පුද්ගලයකු නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . 06 December 2023
තෙවරක් විදුලි බිල නැංවුවාට කරුණු විමසන්න යයි මේ වසර තුළ පමණක් විදුලි ගාස්තු තෙවතාවක් ඉහළ නැංවීම නිසා මෙරට ආර්ථික අර්බුදය තීව්ර වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පැමිණ කරුණු ඉදිරිපත් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත. 06 December 2023
ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ මිල පහළට ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණවල ආයතනය සීමා ලිහිල් කිරීමත් සමග ඒ ආශ්රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර මහතා පැවසීය. 06 December 2023
ජාඇළ තරුණයකු කොරියාවේ දී පිහි පහරින් මරුට දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකුට ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයකු පිහියකින් ඇණ ඝාතනය කර ඇත. 06 December 2023
පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න හදනවා පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න යන බවට කතාවක් තිබෙන්නේ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 December 2023
සුවසැරියටත් වැට් ගහලා සුව සැරියටත් වැට් ගහන්න හදන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 December 2023
පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී එස් අයි වෙඩි වැදී මරුට ? කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ දී උප පොලිස් පරීක්ෂකවරයෙකුට සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි වැදී මියගොස් ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවැසීය 06 December 2023
ඊශ්‍රායල හමුදාව ඛාන් යූනිස් නගරය වටලයි යුද්ධය අරඹා දින 60 කට පසුව දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරය ඊශ්‍රායල හමුදා වටලා ඇතැයි එම හමුදාවේ ප්‍රධානියකු වන ලුතිනන් ජනරාල් හර්සි හෙල්වි ප්‍රකාශ කළේය. උතුරු ගාසා තීරයේ හමාස් සංවිධානයේ බලකොටු සාර්ථකව විනාශ කර දැමූ බව 06 December 2023
‘‘මජවුම්‘‘ ගේ බලපෑම් පහව යන ලකුණු බටහිර - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රාදේශයේ පැවැති ‘‘මිජවුම්‘‘ චණ්ඩ සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. 06 December 2023
වැඩිපුර දරුවන් හදන්නැයි කිම් මවුවරු ඉදිරියේ හඬයි උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහල නැංවීම සඳහා දායක වන ලෙස උතුරු කොරියානු කාන්තාවන්ගෙන් පසුගියදා පැවති රැස්වීමකදී නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර ඇති බවත් එම අවස්ථාවේදී උතුරු කොරියානු නායකයා හඬා වැටී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. 06 December 2023
ඇමෙරිකාවෙන් ප්‍රචණ්ඩකාරීන්ට තරවටුවක් පලස්තීනයේ බටහිර ඉවුරේ සාමය ,ආරක්ෂාව සහ ස්ථාවරත්වයට බලපෑම් කරන්නන්ට වීසා ලබා දීම අත්හිටුවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේය. 06 December 2023
‘‘ඊ.ටී.එෆ් ප්රතිලාභ අඩු කිරීම අසාධාරණයි - සියයට 77 කියයි සේවක අර්ථසාධක අරමුදල තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්රතිලාභයන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය අනවශ්‍ය හෝ සාධාරණව සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 77කගේ මතය බව නවතම සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 05 December 2023
කේරළ ගංජා එක්ක පොහොට්ටු ප්‍රා.සභා හිටපු සභික මාට්ටු මිද්දෙනිය පොලිස් වසමේ ඕක්නදයායේ දී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් කන්ඩායමක් විසින් අද සවස සිදු කරන ලද වැටලීමකින් අනතුරුව කේරල ගංජා කිලෝග්‍රෑම් 08ක් ළග තබා ගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා හිටපු සභිකයෙකු සහ තංගල්ල ධීවර වරායේ ආරක්ෂක නිළධාරියෙකු අත් අඩංගුවට ගෙන තිබේ. 05 December 2023
බාල සිසුවියන් තිදෙනකුට අලුත් පාඩමක් කියා දෙන්න ගිය පාසල් සේවක දැලේ වෙන්නප්පුව පොලිස් වසමේ පිහිටි ප්‍රාථමික විදුහලක 4 වෙනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනකුට සහ සිසුවකුට සිය ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වාඑම සිසු සිසුවියන්ගේ ඇඟපත අත ගා ලිංගික අපයෝජනයක් සිදු කළේ යැයි කියන එම විද්‍යාලයේ අනධ්‍යන කාර්ය අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවය කරන අයකු වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (5) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 05 December 2023
කෝටි 4ක මත්ද්‍රව්‍ය තැපැල් හුවමාරුවේ අල්ලයි මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ සැකකටයුතු පාර්සල් 25 ක තිබී රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්යක්ශ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 05 December 2023
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී හමුවෙයි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ මහතා ගේ ආරාධනාවක් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ඉකුත් (3) ද ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. 05 December 2023
රොකට් සයින්ස්වලට යන්න පෙර කරන්න වැඩ තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී රොකට් සයින්ස් වලට යෑමට අවශ්‍ය නැති බවත් 1944 දී කන්නන්ගර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් අධ්‍යාපනය අමාරුවේ නොවැටෙන බවත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026