
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
එදා කවුරැත් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය නොදුන්නේ නම් යුද්ධයට වන්නේ කුමක්දැයි සේනාරත්න මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
සියලු බල මණ්ඩල කැඳවා තමා රටේ දැන් තත්වය ගැන පැහැදිලි කළ බව පැවසූ මන්ත්‍රීවරයා යුද්ධ වෙලාවේදී තමා එදා ආණ්ඩුවට ගියේද තුන් සැරයක් බල මණ්ඩල කැඳවා බවද ප්‍රකාශ කළේය.
“ ඒ ගියා වගේම තත්වයක් තමයි දැන් තියෙන්නෙත්. තවම මගේ තීන්දුවක් නෑ. තීන්දුව ගන්නකොට මම ඕගොල්ලන් ඔක්කොම අාපහු කැඳවනවා කියලත් කිව්වා. මේක කඩාකප්පල් කළොත් රටට ඇතිවන තත්වය ගැනත් මම ඒ අයට විස්තර කළා. එකඟ කට්ටිය ඉන්න අනෙක් කට්ටිය යන්න කියලත් මම කිව්වා යැයි රාජිත සේනාරත්න මහතා පැවසීය.
තමා ආණ්ඩුවට යෑමට යම් විදිහකින් හෝ තීන්දු කළොත් එතන රාජපක්ෂවරුන් සිටිනවානම් ඒක ප්‍රශ්නයක් වන බව ඔහු සඳහන් කළේය.
සේනාරත්න මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ ඊයේ ( 15) රාත්‍රී පැවති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් වෙන කෙනෙක් හොයාගන්න වෙනවා ඉතින්. නැත්නම් මැක්කන්ට පැවතීමක් නෑනේ...
ඔයා රාජිත බල්ටිරත්න නේ, ඒ නිසා ඔයාට එහෙට මෙහෙට පැනලා බල්ටි ගහලා හොඳට පුරුදුයි. අනික ඔයගොල්ලෝ සජිත් එක්ක ගියේ රනිල්ට දිනන්න බැරි නිසා මිසක් සජිත්ට රනිල්ට වැඩිය හොඳ හා දියුණු සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති හෝ වැඩ පිළිවෙළක් තියෙන නිසා නොවෙයි කියලා අපි දන්නවා. ඒ නිසා මේ ඔයා ගහන අන්තිම කරණම ඒකත් ගහලා බලන්න...
යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ වැඩවර්ජන කැඳවා, අයවැය පරදවා මහින්දට යන එන මං නැති කර රට ත්‍රස්තවාදයෙන් අරාජිකත්වය කරා ගෙන යන්නට ජවිපෙ කළ දුෂ්ඨ ක්‍රියාව රටට මතකයි. එසේම රනිල් සජිත් වැනි දේශපාලකයින් ද එදා හිට ගත්තේ රට පැත්තේ නොව ත්‍රස්තවාදීන් ගේ පැත්තේය. එනයින් බලන කල යුද්ධය ඉවර කරන්නට මහින්දට සැවොම සහාය දුන්නා යයි කීම කෙප්පයකි...!
අපි නුසුසු අය පාර්ලිමේන්තුවට ඇරියා. මහින්ද රාජපක්ෂ යුද්ධය දිනපු හින්දා එට බංකොලොත් කලේ එහෙම තියන රටක් නැවත තිබුණු තැනට ගන්නේ
ඔව් ඔව් සීයාගේ විතරක් නොවෙයි ඔයාගේ ගමනත් හරියටම හරි !!! මීළඟට පත්වෙන ජනතා රජයක් යටතේ ඔය කට්ටියටම තියෙන දුෂණ වංචා මිනීමැරුම් ඔක්කොම අධිකරණයේදී සාධාරණව විනිශ්චය කරලා ඔයා ඔය කියන ගමන සිර ගෙදරින්ම අවසාන වෙනවා. තවදුරටත් මේ රටේ මිනිස්සු අන්දන්න බැරිබව හොඳට මතකතියා ගන්නවා.මිනිස්සුන්ව අන්දන්න ඔප්පු කියලා අහවල් ඉඩම කියලා සඳහන්ව නැති කඩදාසි බෙදලා චන්ද දිනන්න දැන් බැහැ. ඒ විතරක් නොවෙයි මේ මොහොතේත් චන්ද නිතිය බලපානවා ..තාවකාලිකව නවත්වපු පලාත්පාලන මැතිවරණයට පනවපු චන්ද නීති තවමත් එලෙසම බලපවත්වනවා, ඒ බව මැතිවරණ කොමිසම කිහිප වරක්ම දැනුම් දුන්නා.
ආණ්ඩුවට හරි විපක්ෂයට හරි යන්න ඉතින් මේ සැරේ ඡන්දේ දින්නොත් නේද?
ඔය කුණු ගොඩවල් ඔක්කෝම අයින්වෙලා සජබ පිරිසිදු වෙනවාට ජනතාව කැමැතියි. දෙපැත්තේම කකුල් තියන් ඉන්නේ නැතුව ඉක්මණට රනිල්ගේ ඔඩොක්කුවට පනින්න. මේ පාර අනාත වෙන සෙට් එකේ ඉන්න මහත්තයෙක් තමයි මේ...!
රනිල් හොඳ නම් කෙලින් තීරණයක් අරන් ආණ්ඩු පක්ෂෙන් වාඩිවෙලා ඕනෑ මගුලක් කරගෙන යන්න.. බොරුවට ඩිමාන්ඩ් කරන්නේ නැතිව, කොහොම නමුත් උපරිම තව මාස 5 කින් මහමැතිවරණයක් එනවා. එකෙන් පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් නාකි, දූෂිත, මජර දේශපාලුවන්ගෙන් 190 පමණ අනිවාර්යයෙන් සදහටම ජනතාව විසින් ගෙදර අරිනවා.
හෙල්මට් පාර හරියට වැදිලා නෑ වගේ...!
එහෙම කියන්නේ ඔහෙලනේ. රටේ මිනිස්සු එහෙම කියන්නේ නැහැනේ...?
ප්‍රශ්නයක් නැහැ... ගොනා හැරි හැරී ඉන්න ඕනෑ නැහැ පොල් පැලේ කන්න...!
හරි හරි දැන් ඔය රනිල් ගාවට යන්නකෝ. ඇයි නිකන් මාධ්‍ය සංදර්ශන විතරක් ..?
රාජපක්ෂලාගේ ඇම කෑවද බන්
මැඩියට පෙනෙන්නේ ලින් කටෙන් පේන ප්‍රමාණය පමණයි නේද ?
දැන් රනිල් ඇර වෙන කටන්න දෙයක් නැහැ නඩේට. රනිල් දිනුවොත්. රජ සැප පැරදුනොත්. හිර ගෙදර. ලගින්න වෙන්නෙ නඩේට. මයිනගෙ රැලි අයින් කරලා කකුල් හුලන්ගහලා කෙලින් හිටවලා බැරිද තල්ලුවක් දා ගන්න. ජාතිබේද අවුස්සලා. කට්ටිය කෙරුවේ ඕවානෙ මුන්ගෙ කටට. වෙඩිතියන්න ඕන රනිල් ගෙ හොද කියනොට බැන්කු හොරා රට ගොඩ ගත්තාලු නෙඩේම බයයි නේද අනුරට. දැන් පුදුම විදියට දීමනා දෙන්නෙ. ඒ තරම් බය වෙලා. අවෘදු 4 මාස හයක් ගින්දර දුන්නෙ ජනතාවට. ක්න්න නැහැ බෙහෙත් නැහැ නඩේට සුර සැපා බෆු ජනතාව පිටට දැම්ම. දැන් ව්‍යින් කරපු බෝනික්කා වගෙ බෙදනවා ඕවට අහු වෙන්නෙ මෝඩයො. මොලේ තියෙන කිසි කෙනෙක් රනිල්ට නාකිමයිනට චන්දෙ දෙන්නෙ නැහැ
මස් කන්න ඕන උනාම කබරගොයා තලගොයා වෙනවා
රනිල් හොඳා ඔයාටයි හොර නඩේටයි විතරයි
මෙයා හැමදාම කලේ වාසි තියන පැත්තට පැන්න එකයි. දැන් තවත් කරනමක් ගහන්න මේ සැරසෙන්නේ