
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත දැදුරු ඔයේ මිතුරන් හා බිරිය සමඟ දිය නෑමට ගිය තරුණයකු දියෙ ගිලි මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ හැටන් මවුන්ටන් වත්ත වටවල පදිංචි 20 හැවිරිදි කරුණානිධි ගෝබිනාත් නැමති හලාවත ප්‍රදේශයෙ තෙල් මෝලක සේවය කරමින් සිටි අයකු බව කියයි.
මෙම තරුණයා හැටන් වටවල සිට හලාවතට පැමිණ එහි මෝල් තෙල් සිදිමේ ව්‍යාපාරීක ස්ථානයක සේවය කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.
මෙම තරුණයා සතියකට පෙර හලාවත ප්‍රදේයේ තරුණියක් සමග විවාහ වී ඇති බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාන්න ගිහිල්ලා මිනිස්සු මැරෙන එකම රට ලංකාවයි. මා ජීවත් වන ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේ ඇති අඩ්ඩා ගගේද වසරක් පාසා බොහෝ ලංකාවේ අය නාන්න ගොස් මැරී ඇත. අපිට ගගේ නාන්න බැරි ඇයි….?
මම හිතන්නේ අපේ ජනග්‍රහණයෙන් සීමිත පිරිසකට විතරයි පීනන්න පුළුවන්. එයිනුත් මොළේ ඇතිව හැසිරෙන්නේ ඊටත් වඩා සීමිත පිරිසක් විතරයි. (කොයිතරම් වැඩ්ඩෙක් වුණත් සමහර විට ගිලෙනවා මොළේ නැතිකම හෝ බීමත්කම නිසා) මේක පාසල් කුසලතාවලට ඇතුළත් කරන්න තරම් ව්‍යසනයක්. බේරගන්න පුළුවන් ජීවිත මේ වැනසිලා යන්නේ.