( රොමේෂ් මධුෂංක)

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිණීවලේ තෙවන අදියරේ කැනීම් සිදුකරමින් මිනිස් සිරුරු කොටස් 12 ක් හමුවීමෙන් අනතුරුව එම අදියරේ කැනීම් නවතා දැමූ බවට මුලතිව් අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව මහතා පවසා සිටියේය.

මේ අනුව පළමු, දෙවන සහ තෙවන අදියරයන්හි සිදුකරන ලද කැනීම් මගින් කොක්කුතුඩුවායි සමූහ මිණීවලෙන් මිනිස් සිරුරු 52 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතාගේ නියෝගයන් පරිදි මුලතිව් රේහලේ සුරක්ෂිතව තැන්පත් කොට ඇති බවටද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේය.

පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් පොලීසියේද සහය ඇතිව කැනීම් කටයුතු සිදුකරන ලදි.

2023 වසරේ කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජලනල ඒලමින් සිටි සේවකයින් පිරිසකට පොළව යටතිබී යුදසමයේදී ආරක්ෂක අංශ විසින් පළඳින ලද නිලඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හා ඇටසැකිලි කොටස් කිහිපයක් මතුවීම හේතුවෙන් මෙම ස්ථානයේ වැඩිදුර කැනීම සිදුකරන ලදි.