
හාස්‍ය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වා මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා මහත්මිය පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන (16) අභාවප්‍රාප්ත වූවාය.
වසර පහළොවක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය අද දිනයේ උදෑසන මහරගම පිළිකා රෝහලට ඇතුළත් වීමට සූදානමින් සිට ඇත.
මානෙල් චන්ද්‍රලතා අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසුවූවාය. දේහය දැනට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇත.අවසාන කටයුතු (18) ගල්කිස්ස සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
1984 ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන අරඹන ඇය ඉන් පසු චන්ඩියාගේත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි. ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58 කට පමණ රංගනයෙන් දායක වී තිබේ.
ඇය අවසාන වරට රංගනයෙන් දායකවී තිබුණේ 2018 වසරේ පුංචි අන්දරේ චිත්‍රපටය සඳහාය .ජනප්‍රිය සිනමාකරු හේමසිරි සෙල්ලපෙරුමගේ චිත්‍රපට රැසකටම ඇය රංගනයෙන් දායක වී තිබිණි.අසනීප තත්ත්වය නිසා ඇය දිගු කලක් රංගනයෙන් ඈත් වී සිටියාය.
(අමිල චින්තක ගමගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා
නිවන් සුව ලැබේවා...!
නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා..
ඔබතුමිය රට දැය වෙනුවෙන් කල සේවයට හිස නමා ආචාර කරන අතර අජරාමර නිවන් සම්පත්තියද ලැබේවා කියා පතමි
එතුමියට නිවන් සුව අත්වේවා !!!
නිවන් සුව ලැබේවා
නිවන්සුව ලැබේවායි ප්‍රර්තනා කරනවා
නිවන් සුව ලැබේවා!
නිවන් සුව
ඇයට නිවන් සුව පතනවා