
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු පහළ දැමීමට සාපේක්ෂව ආපනශාලා ආහාර මිල පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය.
ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25 කින් ද, පරාටා සහ බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර මිල රුපියල් 10 කින් ද, අඩු කරන බව හර්ෂණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස්, විදුලිය, අමුද්‍රව්‍ය කොච්චර අඩු වුණත් පෙරේත කඩකාරයෝ කෑම මිල නම් අඩුකරන්නේ නෑ. පුදුම සූරාකෑමක් කරන්නේ
කරුණාකර ආපනශාලා වල පැහැදිලි මිල දර්ශනයක් පාරිභෝගිකයාට ප්‍රදර්ශනය කරන්න , පාරිභෝගිකයාට ඔහු ලබාගත් අහර වලට අදාල පැහැදිලි බිල්පතක් ලබා දීමේ නිතිය රජය විසින් තහවුරු කරන්න . මුදලාලිලා කොළ කැබලිවල ලියලා හිතු හිතු මිල ගණන ලියලා අයකරගනිමින් පාරිභෝගිකයෝ ගසාකනවා
ගෑස් මිල අඩු කරද්දී මෙහෙම කිව්වා . ඒත් අඩු කරපු තැනක් නම් නැහැ . මේවට කොහෙද ස්ථාවර මිලක් තියෙන්නේ .
යෝගට් එහෙම අඩු වෙන් නැද්ද වැඩි වෙනකොට වැඩි වුණේ
ඡන්දේ දවස රෑ වෙන තුරු මේවායින් ලාභ ගන්නේ කඩකාරයෝ තමයි ඉතින්
මොන බොරුද , මිල වැඩි වෙනකොට වැඩි කරනවා , කවදාවත් ඒ වැඩි වුණු මිල , ඔය කඩ වල අඩු කරලා තියෙනවද?
ඡන්දේ ෂුවර් එකටම එනවා වගේ ඔක්කෝම ලාභ වෙනවා ඡන්දේ ගන්නකල් අවුරුදු 76 අපි මේක දැක්කා
මිල අඩු නොකලත් කමක් නැහැ පිරිසිදුවට , ප්‍රමිතියට ආහාර වේළක් දෙනවානම්
ඔය ආපන ශාලා හිමියන්ගේ කඩේ තියෙන්නේ කොහේද?