
(නිමල කොඩිතුවක්කු)
පැහැදිලි ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇති බැවින් සමගි ජනබලවේග රජයක් තුළ ජනතාවාදී ගිවිසුමකට එළැබෙන බව- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වත්මන් නායකයාට ඇත්තේ ජනවරමක් නොමැති විකෘති බහුතරයක තවකාලික වරමක් බැවින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රූකඩයක් බවට පත්ව ඇතැයිද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
බොරු ප්‍රතිරුප නිර්මාණය කර ගොඩනැගුණු ඇටසැකිලි හරහා ජාත්‍යන්තර සාකච්ඡා සිදුකළ නොහැකි බවත් මේ වන විට රට වෙන්දේසිලන්තයක් බවට පත්ව ඇති බවත් ගම්පහ පැවැති සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සමුළුව අමතමින් ඔහු කීවේය.
රජය අයි.එම්.එෆ් ගිවිසුම ගැන ජනතවට බොරු කියා ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් නම් පාලකයන්ට ජනතාව ගොනාට ඇන්දවිය නොහැකි බවත් විපක්ෂනායකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවරමක් සහිත රජයකට ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වන්න අයි.එම්.එෆ් එකඟ වුණා මේ බව ලිඛිතව ලබාගෙන මහජනතාවට ලබාදෙන්න කට කතා විශ්වාස නොකරයි
වත්මන් නායකයාට ඇත්තේ ජනවරමක් නොමැති විකෘති බහුතරයක තවකාලික වරමක් බැවින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රූකඩයක් බවට පත්ව ඇතැයිද විපක්ෂනායකවරයා සඳහන් කළේය. බොරු ප්‍රතිරුප නිර්මාණය කර ගොඩනැගුණු ඇටසැකිලි හරහා ජාත්‍යන්තර සාකච්ඡා සිදුකළ නොහැකි බවත් මේ වන විට රට වෙන්දේසිලන්තයක් බවට පත්ව ඇති බවත් ගම්පහ පැවැති සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ සමුළුව අමතමින් ඔහු කීවේය.
කවුදෝ කට්ටියක් මේ මෝඩයාව අන්දන්න " බොරු " ජනමත සමීක්ෂණ වගයක් දාලා. ඒකට අනුව මේ හොරසල්ලි ගහන මෝඩ පුතානෝට 80% ජනමතයලු. ඒක දැකපු වෙලාවේ පටන් මේකා උඩින් යන්නේ.හැබැයි දැන් ඒක බොරු බව මිනිහා දැනගෙනලු. පව් මෝඩ පුතා.