(ටී.කේ.ජී.කපිල )

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්  ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද(16)  අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ සිටියහ .

ඔවුන් අද(16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .