
(අංජුල මහික වීරරත්න)
කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (17) විවෘත කෙරිණි.
කොහුවල මංසන්ධියේ පැවති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස හංගේරියානු ආධාර මත ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කොහුවල මංසන්ධියේ මෙම ගුවන් පාලම ඉදි කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළොවත්ත, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපනී සුනේත්‍රා රණසිංහ මහත්ම මහත්මීහු ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කළහ.

COMMENTS
අපේ සල්ලිවලින් හදලා එක එක්කෙනාගේ නම් බෝඩ්වල ගහන්නේ මොකටද?
මොවුන්ගේ අම්මාගේ, අප්පාගේ බූදලය වියදම් කරලා හදපු පාලමක්නේ...!
ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කළහ. විකාර... නිරීක්ෂණය කළයුත්තේ හදලා ඉවර වෙලාද? මාර නාට්‍ය තමයි මොවුන්ගේ දැන්... !
එහෙම පුළුවන් ද .. කෝ ලොක්ක.. එයා එපායැ එන්න .. ඡන්ද කීයක් හරි හොයාගෙන ..
මෙයාගේ බාප්පා දීපු සල්ලි මේ... අර කෙනෙක් කිව්වේ... කෙත්තාරාමය හැදුවේ එයාගේ තාත්තාගේ සල්ලි වලින් කියලා...
කුහකයන්ට රිදුනත් යටිතල පහසුකම් යනු කුමක්දැයි රටට හඳුන්වා දුන් මහින්ද මහතාත් මෙතැන සිටිය යුතුයි.
ලංකාවේ උන්නේ මේකේ බිල ගෙවන්නේ .මුන් හොරු ,ශෝ එක දැම්මට
බොරලුගොඩ දෙන්නා !!!