
(රංජන් කස්තුරි )
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හෙට (17) සිට බලය පැවරෙන අතර ඉදිරි සති දෙකක කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම්.ඒ. එල්. රත්නායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවැසීය
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනයේ නාමයෝජනා භාර ගන්නා දිනය ඇප මුදල් තැන්පත් කළ යුතු දින සහ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව ද රත්නායක මහතා එහිදී සඳහන් කළේය.
මේ අතර ජනාධිපති මැතිවරණය සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර කාලය තුළ පැවැත්වීමට කටයුතු යොදන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කීවේය.
මේ අතර ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 1000ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බව ද රත්නායක මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරණයේ මූලික කටයුතු සඳහා වන ඇතැම් වියදම් දැනටමත් සිදු කර ඇති අතර මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමට ජන්දදායකයන් 1,71,40, 000ක් සුදුසුකම් ලබා සිටින බව ද ඔහු සදහන් කළේය.
ඒ අතර වයස අවුරුදු 18 සම්පූර්ණවූ තරුණ ජන්ද 76,000ක් තිබෙන බව ද ඔහු කීවේය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෝ සහ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.
COMMENTS
උසාවි නියෝග වලින් පස්සේ, ඊ ළඟට එන ගිනි විජ්ජුම්බරය මොකක් වෙයිද දන්නෑ...? බොහෝ දෙනෙකු හිතන්නේ මොකක් හරි "ගේම්" එකකින් ඡන්දය කල් දාන්න පුලුවන් කියායි...!
ජනමත විචාරන තියනකල් මහ චන්දෙ පස්සට දාන්න කියලා තර්ජනය කරලා එහෙම නැතිද ?ඔය තරම්ම ආස නම් ඒ දෙකම උනත් එකට තියන්න පුළුවන් නේද ?
බලය කැළඹුනාට වැඩක් නැහැ මේ මාසේ අග වෙනකල් රාහු කාලේ ලු