
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එසේම තමාද පක්ෂයට එවැන්නක් දැනුම්දී නැතැයි ඔහු කීවේය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍ය කළ විමසුමකදීය.
අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවයි
COMMENTS
මාකට් කරන්න බැරි ලොන්ත බඩු තමයි ඕකෙන් ඉල්ලුවොත් ඉල්ලන්නේ.
දැන්ද තේරෙන්නේ…? කොළ එළි කෙසේ වෙතත් අසූචි බකට් පිටින් ලැබෙන්න ඉතා ආසන්නයි...
ඕක සුද්ද කරන් නැතිව ඔයාටත් ඉදිරි ගමනක් නෑ. විශ්‍රාම යවන්න ඕන වයසේ ඉන්න අය ගෙදර යවන්න.
ජනපති රනිල්ගේ ද ආශිර්වාදය ඇති අපගේ අනුර කුමරු පමණි මෙවර ජනපති සටනට බසින්නන් අතර බත් මුට්ටියක් වත් සොරකම් නොකරන ලද අයකුට සිටින්නේ. එම වීර පුතු ජනපති වූ සැනින් නාමල්ට යන්න වෙන්නේ ඉන්දියාවේ අදානිගේ නිවෙසටය. අපගේ වසන්ත සමරසිංහ වීර සොයුරා ප්‍රකාශ කල මෙන් අපගේ විරුද්ධවාදීන් පිලිබඳ චන්දයෙන් පසු බලා ගැනීමට ලොව පුරා විසිරී සිටින මාලිමාවන් කටයුතු කරනු ඇත. එම නිසා පොහොට්ටු අපේක්ෂක පිලිබඳ අපගේ උනන්දුවක් නැත.
මම අපේ බල්ලා ගෙන් ඇහුවා . ආන්න ඌ ගෙදරිනුත් පැනලා ගිහින්.
මිනිස්සු දැන් නයි ගනන් ගන්නේ නෑ, වඳ කොත්තු අප්පිරියා වෙලා, කෙල්ලෝ දැන් වද බ්‍රෙසියර් පෑන්ටි කෑලි අදින්නේ නෑ. බෝම්බ ගැහුවත් අහුවෙනවා, එක එකාව රොටී කකා පාරෙ යැව්වා ඌත් දැන් කොහෙද කියලා නෑ…. තව පෝය කීපයකින් පවුලෙ ගොඩක් අයට වැලිකඩට ට්‍රාන්සර් ලැබෙයි. ලයිට් බල බලා ඔහොම ඉන්න….
රට බේරාගන්න අන්තිම තුරුම්පුව හංගාගෙන ඉන්නේ
මෙයා බබෙක් නේ.ඔය වගේ ප්‍රශ්න අහන්න හොඳ නෑ .පුළුවන් උනොත් අහන්න තාත්තාගේ නම මොකද්ද ?තාජුදීන් කියලා දන්නවද ?විභහග ෂුවර් එකටම පාස් වෙන්න ලියන්නේ කොහොමද ?වගේ ප්‍රශ්න
[පොහොට්ටුවට කාගෙන්වත් කොළ එළියක් නෑ.....] බය වෙන්න එපා රතු එළිය එන්නේ ඡන්ද පෙට්ටි වලින් බව නම් හොඳට සිහියේ තබාගන්න එදාට හැරමිටියෙන් යන නාකි මයිනාගේ නාම්බ පුතාටත් යන්න වෙන්නේ එහෙම තමයි නැත්නම් මැදමුලන වලව්වේ ජනෙල් වල කූරු ගනින් වෙයි
මුන්ගේ උත්සහය රනිල් වුනාට ඕන විදියට නාවා ගන්න. ඒත් රනිල් කියන්නේ කපටි අයෙකි
පොහොට්ටුවේ ජාතික සංවිධායක හොඳටම දාඩියෙන් නෑවිලා ඉන්නේ ඇයි දන්නේ නැහැ... සමහර විට ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පස්සේ මහ උලුගෙදර යන්න වේවි කියලා වෙන්න ඇති කියලා හිතෙනවා.