(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බුදු දහමට නිගා වන ආකාරයට බුදු පිළිමයක්ල දේව රූප දෙකක් සහ දේව රූප සහිත ඡායාරූප කිහිපයක් පොළොවේ  ගසා ඒවායේ දර්ශන ටික්ටොක්  සමාජ මාධ්‍ය ඔස්සේ  ප්‍රචාරය කළේ යැයි කියන තරුණයෙක්  අඹන්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගැනුණ කරුණයා  අඹන්පොළ සමගි මාවතේ පදිංචිකරුවකු වන අතර තරුණයාගේ පියාගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබා ගත් අවස්ථාවේ තම පුතා මාස දෙකක කාලයක් තිස්සේ සිට  කිසියම්  රෝගී තත්ත්වයකින් පෙළෙන බව පැවැසීයැයි පොලිසිය සඳහන් කරයි.

බුදු පිළිමයට අමතරව ගම්භාර දෙවිවරයකුගේ සහ සිද්ධ සූනියම් දෙවිවරයකුගේ ප්‍රතිමා මෙසේ පොළොවේ ගසා විනාශ කර තිබෙන බව ද කියති.