
(අංජුල මහික වීරරත්න)
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා සඳහා සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් වර්තමානයේ Plusgrade පද්ධතිය උපයෝගි කරගනු ලබයි.
ව්‍යාපාරික පංතියේ වෙන් කර නොගත් ආසන පවතින අවස්ථාවේදී පිරිමැසුම් පංතියේ ගුවන් ටිකට් පතක් හිමි මගියෙකුට ව්‍යාපාරික පංතියේ ටිකට්පතක් ලබා ගැනීම සඳහා ලංසු තැබීමේ අවස්ථාව සැලසීම මඟින් ගුවන් සේවාව සඳහා ආදායම් මට්ටම ඉහළ නැංවීම මෙම සේවය ඔස්සේ සිදුවේ.
මෙම සේවාව පවත්වා ගෙන යාම සඳහා ජාත්‍යන්තර තරගකාරී ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 2ක් ලැබී ඇතැයි රජය පවසයි.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ස්වයංක්‍රීය ආකාරයෙන් ඉහළ පෙළ ආසන වෙන් කිරීම සඳහා ලංසු තැබීමේ සේවා සහ ඒ ආශ්‍රිත අනුයාත සේවා කොන්ත්‍රාත්තුව Plusgrade Inc වෙත වසර 5ක කාලසීමාවකට පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
තීරණයේ නිවැරදි බව තහවුරු කර ගැනීම සඳහා ක්‍රියාවලිය නැවත බැලීම වඩා හොඳය.
රටම විකුනලා යන්න යන්නේ නේද ?ශ්‍රී ලංකන් ගුවන් සේවය වහලා වෙන නමකින් වෙන එකක් අරපුවාම ඉවරනේ
මේක දැනටත් අපේ ගුවන් සේවයේ තියනවා .ආයෙත් කවුරුහරි දේසපාලුවෙක් සල්ලි ටිකක් ගහගන්න වගේ හදන්නේ .මතකනේ අපේ නිලධාරීන් හරියට කරගෙන ආපු වැඩේ VFS එකට දුන්න ගේම
වෙලාවට වැඩ කරන්න බැරි උන්ගේ ටිකට් ගන්න මොලේ හොඳ නැති උන් මේ ලෝකේ නෑ
මේක දැනටමත් තියෙනවා නේ.