(යොහාන් භාසුර)

කළමනාකරණ සේවා  නිලධාරීන්ගේ දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටළු විසඳාගැනීම වෙනුවෙන් ආරම්භ කළ සටනේ පියරක් ලෙස කළමනාකරණ සේවා නිලධාරීන්ගේ එකමුතුව කොල්ලුපිටිය හන්දියේදී අද (16) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

පාලකයින්ගේ හෝ නිලධාරීන්ගේ ප්‍රකාශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා කටයුතු කිරීමට වෘත්තිය සමිතිවලට නෙහැකි බවත් පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් කරන බලපෑම මත පමණක් විශ්වාසය තබමින් කටයුතු කිරීම තුලින් මිස, කෙතරම් සාධාරණ වුවත් ඉල්ලීම් නොදී ලිස්සා යන වර්තමාන පාලකයින්ගෙන් යමක් දිනා ගත නොහැකි බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)