
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ කන්ද මාවත පදේශයේදී අද (16) රෑ සිදුවු වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මිය හොස් ඇත්තේ වයස 19 න් පහළ ජාතික කිකට් කණ්ඩායමේ නායකයාව සිටි අම්බලන්ගොඩ කන්ද මාවත පදිංචි හතලිස් හැවිරිදි ධම්මික නිරෝෂණ නමැති හතලිස් හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු සිය නිවසේ සිටිනා විට දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා පාතාල කණ්ඩායම් සාමාජික දැනට ඩුබායි රටට පලාගොස් සැහවී සිටින දසුන් මානවඩුගේ ගෝලකු බවද පොලීසිය කියයි.
ඔහු ඩුබායි සිට මෑතකදී ලංකාවට පැමිණ සිටියදී මේ වෙඩි පහාරයට ගොදුරුවී ඇති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති
බලාගෙන ගියාම ජනාධිපතිට විතරක් නෙමෙයි පොලිස්පතිටත් වැඩ බැහැ නේද ?
පාතාල කණ්ඩායම්, මත්ද්‍රවය ජාවාරම් කරුවන් අතර සටන්
පොලීසිය වැඩිදුර පරීක්ෂණ...............
පොලිසිය අන්වර්තයෙන් වැඩට බැහැලා වගෙයි
ලංකාවේ ලස්සනම මුහුදු තීරය පාතාලයන්ගේ කුඩු කාරයන්ගේ, කුඩ්ඩන්ගේ රජදහනක් වෙලා. මේ පළාතට වුන විනාශයට මුලින්ම වග කිව යුත්තේ රත්තරං මාල හොරා….
මේ කාලකන්නි ආණ්ඩුව නම් රටට සාපයක්