
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට අදාළ ආරක්ෂක වැඩපිළිවලට අදාළ සමස්ත වියදම් ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට යොමු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස් කොට්ඨාස මට්ටමින් අපේක්ෂිත වියදම් ඇතුළත් වාර්තා කැඳවීමට පොලිසිය දැනටමත් කටයුතු ආරම්භ කර ඇත.
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථානය සඳහා අවම වශයෙන් නිලධාරීන් දෙදෙනකු අනුයුක්ත කිරීමට පොලිසිය බලාපොරොත්තුවේ.
COMMENTS
යන්නේ කොහාටද කියලා හිතාගන්න පුළුවන්
වියදම් ඇස්තමේන්තු කරන්නේ, එක්කෝ ඡන්දය කඩාකප්පල් කරන්න හිතාගෙන වෙන්න ඇති. එහෙම නැත්නම් මේ අවුරුද්දේ ඉතිරි කාර්තු දෙකේ පොලිසියේ ලොක්කන්ගේ ගෙවල් වලට අවශ්‍ය තුනපහ ටික ගන්න හිතාගෙන වෙන්න ඇති...
මෙච්චර කාලෙකට මෙහෙම ප්‍රවෘත්තියක් අහලා තිබුණේ නැහැනේ... හොරාට පෙර කෙහෙල් කැන වැට පනින්න හදනවා වත්ද?
අදහස් දක්වා තියෙන තුන්දෙනාම මැතිවරණ කියන්නෙ මොකක්ද, ඒකේ සංකීර්ණ බව කොහොමද, කියලවත් නොදන්නා බබාල කියලා මැතිවරණ කටයුතු කරපු කෙනෙක් හැටියට කියන්න පුළුවන්. ඉතින් මෙහෙම මිනිස්සු එක්ක කොහොමද රට හදන්නෙ කියලා තේරුම් ගන්න බැහැ