මහ බැංකු වාර්තාව විවාදය අනිද්දා ශ්‍රී ලංකා මහා බැංකුව 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව පිළිබඳව සභාව කල් දමන අවස්ථාවේ විවාදය අනිද්දා (20) පැවැත්වේ. 18 May 2026
රටේ තත්වය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් රටේ අවදානම් සහගත තත්වයක් තිබෙන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය. 18 May 2026
විදේශ සේවා ලේඛන සහතික කිරීම අත්හිටුවයි බත්තරමුලේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් අංශයේ ලේඛණ සහතික කිරීම සඳහා භාවිතා කරන විද්‍යුත් පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම අංශය සපයන සියලුම සහතික සේවාවන් අද (18) පෙරවරුවේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 May 2026
ගල් වළක නාන්න ගිය දෙන්නා ගිලී මරුට කැකිරාව පොලිස් වසමේ සමගිගම ප්‍රදේශයේ පිහිටි ගල් වළක දිය නෑමට ගිය කම්කරුවන් දෙදෙනෙකු ඊයේ (17) දියේ ගිලී මියගොස් ඇති බව කැකිරාව පොලිසිය පවසයි. 18 May 2026
අගමැතිනිය ලන්ඩන් යයි එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවකට සහභාගී වීම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය. 18 May 2026
විමල්ට එරෙහි නඩුවක සාක්කි විභාගයට දින දෙයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි කියන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 13 වැනි දින සිදුකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (18) දින නියම කළේය. 18 May 2026
‘කුෂ්‘ සමඟ දෙන්නෙක් මාට්ටු රුපියල් දහ හතර කෝටි පනස් හය ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද(18 ) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 18 May 2026
පළාත් සභා මැතිවරණය ගැන හිටපු සභාපති කතා කරයි ‘අප්පමාදෝ අමත පදං,පමාදෝ මච්චුනෝ පදං ‘,පළාත් සභා මැතිවරණය තිබීම දැනටමත් ප්‍රමාද බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ධම්ම පදයේ එන ගාථාවක් උදාහරණයට ගනිමින් අද(18)ඒ මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ නිවසේ පැවති මාධය හමුවකදී කීවේය. 18 May 2026
ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක් ඉන්දියාව සහ ස්වීඩනය අතර ද්විපාර්ශ්වික සබඳතා ’උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට අග්‍රාමාත්‍ය මෝදි සමත් විය. ඒ, ස්වීඩන් සංචාරය අතරතුරේදීය. 18 May 2026
ට්‍රම්ප් හමුදාපතිවරු හමුවෙයි ඉරානයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට අදාළව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (18) ඇමෙරිකන් හමුදා ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව සිටියේය. 18 May 2026
ඒකාබද්ධ විපක්ෂයෙන් ජා ඇළ දී ලොකු වැඩක් ඒකාබද්ධ විපක්ෂය සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ගම්පහ දී මෙම 24 වැනිදා සම්මන්ත්‍රණයක් පැවැත්වීමට යයි. 18 May 2026
නිවටයන්ද?නැද්ද? තීරණය කරන සාධකයක් සජිත් කියයි බුද්ධ ශාසනයට අභියෝග එල්ලවන මේ මොහොතේ නිවටයන් වෙනවාද? ශක්තිමත්ව මුහුණ දෙනවාද? කියා ජනතාව තීරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 18 May 2026
’’ටින්’’ නැති අයට දඩුවම් දෙන සංශෝධන 19 මැතිසබයට දේශීය ආදායම් පනතට අලුත් සංශෝධන ලබන 19 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 18 May 2026
දොස්තරගෙන් කප්පම් ගත් හෙදිය-සැමියා මාට්ටු මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් ලක්ෂ 60 කට අධික කප්පම් මුදල් ලබාගත් බව කියන එම වෛද්‍ය මධ්‍යස්ථානයේම සේවය කළ හෙද නිලධාරිනියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා තෙල්දෙණිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 18 May 2026
පොලිසියෙන් පැන්න සැකකරුට වෙඩි පොලිස් අත්අඩංගුවෙන් මිදි පලාගිය සැකකරුවෙකුට වෙඩි තබා මෙල්ල කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන අද (18) අලුයම රෝහල් ගත කළ බව අම්පාර පොලීසිය කියයි. 18 May 2026
අණ නොතැකූ රියේ ගමන් කළ වින්ග් කමාණ්ඩර් අත්අඩංගුවට කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රථ වාහන රාජකාරියේ යෙදීසිටියදී කොළඹ 07, විද්‍යාමාවත ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පලා ගිය මෝටර්රථයක් පසුපස හඹා ගොස් නවතා පරීක්ෂා කිරීමට යාමේදී කුරුඳුවත්ත පොලිසි ස්ථානයේ පොලිස් කොස්තාපල් වරයෙකුට පහර දුන් බවකියන ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්වරයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. 18 May 2026
විජයග්‍රහී සැමරුමට අද වසර 17යි තිස්වසරක කුරිරු යුද්දය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ. 18 May 2026
ව්‍යාජ ඩොලර් -‘අයිස්‘ සමඟ පුද්ගලයෙක් අල්ලයි ව්‍යාජ ඩොලර් නෝට්ටු ඇතුළු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,100 ක් සමඟ එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 18 May 2026
ඉන්දීය මගී දුම්රියක ගින්නක් ඉන්දියාවේ සීග්‍රගාමී මගී දුම්රියක ගින්නක් හට ගැනුණි. ගින්න හට ගැණුනේ අද (18) අලුයම 5.15 ට පමණ යැයි පැවැසෙයි. 18 May 2026
ඇමෙරිකාව - ඊශ්‍රායලය ඉරානයට යළි ගහන්න මාන බලයි ඇමෙරිකාව සහ ඊශ්‍රායලය නැවත වතාවක් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවත් එම ප්‍රහාර මාලාව බොහෝ දුරට මෙම සතියේදී ආරම්භ වනු ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කළේය. 17 May 2026
කෝච්චිපාරේ ඇණ ගැලවූ තරුණයාත් ව්‍යාපාරිකයාත් රිමාන්ඩ් දුම්රිය මාර්ගයේ යකඩ සොරාගෙන දුම්රිය පිළිපැනීමට සලස්වා රජයට පාඩුවක් හා මගීන් දස දෙනෙකුට බරපතල තුවාල සිදු කළ වනවාසල තරුණයා සහ යකඩ මිලට ගත් ව්‍යාපාරිකයා ලබන 29 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා 17නියෝග කළේය. 17 May 2026
බස්නාහිර ආණ්ඩුකාර ධුරයෙන් යන්න සූදානම් තමා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසයි. 17 May 2026
‘‘ඉබොලා ගැන අවධානයෙන් සිටිය යුතුයි‘‘ කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ සහ උගන්ඩාවේ පැතිර යන ඉබෝලා වෛරස වසංගත තත්වය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස සළකා කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. 17 May 2026
වත්කම් ප්‍රකාශ ජුනි 30ට පෙර ඉල්ලයි මෙම වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනිදාට පෙර බාර දෙන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත. 17 May 2026
පොදු රද මඬුලු සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුවට සුව ඇමැති ස්විට්සර්ලන්තයේ ජිනීවා හි මේ දිනවල පැවැත්වෙන 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඡේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව (Common Wealth Health Coordination Forum) පැවැත්විණි. 17 May 2026
තරුණයින් දෙදෙනා දිය රකුසාට බිලි කොස්ගම තාවල්ගොඩ ප්‍රදේශයේ සොරොව්වක දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙක් දිය සුළියකට ගසාගෙන ගොස් මිය ගොස් ඇතැයි කොස්ගම පොලිසිය සඳහන් කරයි. 17 May 2026
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියෝ ඉන්දියාවේ සංචාරයක ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටිති. 17 May 2026
රුධිර පිළිකා ලෙඩුන්ට කෝටි පහක ප්‍රතිකාර යන්ත්‍ර දානයක් ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සේවා සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන අතිනවීන රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු ලබන යන්ත්‍ර දෙකක් ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම මඟින් සෞඛ්‍ය සේවා පද්ධතියට එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පරිත්‍යාග කළේය. 17 May 2026
මේ සතියේ අප කොමිසමට යන්න පටන් ගන්නවා ගල් අඟුරු කොමිසමට යන්න සියලු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 17 May 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026