රටේ ඉන්ධන තොග අගෝස්තුව තෙක් ඇති ඉදිරියේදී ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබාදීම මෙන්ම ඉන්ධන කෝටාව වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත 15 May 2026
රාජගිරියේදී කොටු වූ විදෙසිකයන් රටවල් 02ක බැංකු ගිණුම් හැක් කරලා අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යැයි රාජගිරියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතික සැකකරුවන් 120 දෙනා මෙරට සිට කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ බැංකු ගිණුම් වල මුදල් හැක්කර ඇති බවට කරුණු අනාවරණය වන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා ඉදිරියේ කරුණු දැක්වූ වැලිකඩ පොලිසිය (15) පැවසීය. 15 May 2026
උසස් තාක්ෂණය හදන්න කෝප් අනුකාරක සභාවක් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් අනු කාරක සභාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පත් කෙරිණ. 15 May 2026
’’ඉදිරියේදී විදුලිබිල අඩු කිරීමට සැලසුම්’’ පුනර්ජනනීය බලශක්ති දායකත්වය වැඩිකිරීමෙන් සහ ජල විදුලිය නිෂ්පාදනය කාර්යක්ෂම කිරීම තුළින් විදුලි ජනන වියදම අඩුකිරීමෙන් ඉදිරියේදී විදුලිබිල අඩුකිරීමේ සැලැස්මක් ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (15) පැවසීය. 15 May 2026
’’අධිකරණයට අතපැවීම ගැන තානාපති කාර්යාල දැනුවත් කරනවා’’ රටේ පළමු පුරවැසියා සහ ඊට උඩින් ඉන්න බිංදු පුරවැසියාත් කියන දෙපළම අධිකරණයට ප්‍රසිද්ධියේ අතපොවනවානම් මෙරට ජනතා අසරණ තත්වයට පත්වීම වළක්වාගත නොහැකි බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ නීතියේ අධිපත්‍යය බිඳදැමීම පිළිබඳව ජාත්‍යන්තර සංවිධානවලට සහ ප්‍රධාන සියලුම තානාපති කාර්යාවල දැනුවත් කිරීමට ‘මහජන හඬ‘ සංවිධානය බලාපොරොත්තු වන බවත් පිවිතුරු හෙළඋරුමයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (15) පැවසීය. 15 May 2026
ලංකාවේ මන්ත්‍රීනියෝ ඉන්දියාවේ සංචාරයක ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටිති 15 May 2026
පළාත් ඡන්දය මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණය මේ වසර ඇතුළත අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි. 15 May 2026
ලංකාවේ පේපෑල් සේවය අරඹයි ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට පේපෑල්(PayPal) මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී සිදු කෙරිණි. 15 May 2026
ඩී.වී චානකගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක් බලශක්ති හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන ඩී.වී චානක මහතා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන කොමිසම හමුවේ අද පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය 15 May 2026
ගුරු සේවය වැඩිම වැටුප් ලබන රැකියා 10 අතරට ගුරු සේවය රටේ වැඩිම වැටුප් ලබන වෘත්තීන් 10 අතරට ඇතුළත් කිරීම රජයේ අපේක්ෂාව බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය. 15 May 2026
අධිකරණ පද්ධතියේ ගැටලු ටිකෙන් ටික ලිහනවා අධිකරණ ක්ෂේත්රයේ සියලු ගැටළු වෙනුවෙන් අවශ්‍ය විසඳුම් ලබාදීමට අවධානය යොමු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 15 May 2026
බුදු සසුන වනසන බලවේග පරාජය කරන්න සූදානම් සම්බුද්ධ ශාසනය විනාශ කිරීමට සේම ඊට ලබා දී ඇති මුල් තැන අහෝසි කරන්න උත්සාහ කරන ඕනෑම බලවේගයක් පරාජය කරන්න සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 15 May 2026
වන අලියාගේ පහරින් පියා-දියණිය අවසන් ගමන් යයි මාතලේ - විල්ගමුව, මොරගහඋල්පත ප්‍රදේශයේ වන අලි පහරදීමකින් දියණියක හා පියෙකු මියගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි. 15 May 2026
දැදුරු ඔයේ වාන් දොරටු 4ක් අරී දැදුරුඔයේ ඉහළ සහ මධ්‍යම ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන්දොරටු 04 ක් අද (15) අඩි දෙක බැගින් විවෘත කළ බව ජලාදය් බාර වාරි ඉන්ජිනේරු කාර්යාලය කියයි. 15 May 2026
අවුරුදු 7 කින් ඉන්දියාවේ තෙල් මිල ඉහළ යයි ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ ඉන්දියාව වසර හතරකට පසු ප්‍රථම වතාවට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය තීරණය කර ඇත 15 May 2026
ඉන්දියාවටත් මහ වැසි: අකුණු සැරින් 96 ක් මරුට උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශීය ප්‍රාන්තයට අධික මෝසම් වැසි සහ අකුණු කුණාටුවලින් බලපෑම් එල්ල වෙමින් පවතී. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අකුණු සැර වැදීම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 96 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. 15 May 2026
ලැට්වියා අගමැති ධුරයෙන් ඉවත් වෙයි ලැට්වියාවේ දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය කරමින්, එරට අග්‍රාමාත්‍ය එලිකා සිලීනා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. එලිකා සිලීනා ඇගේ සභාග රජයේ ප්‍රධාන හවුල්කරුවකු වන වාමාංශික ‘ප්රගතිශීලී පක්ෂය’ සභාග රජයෙන් ඉවත් වීමත්, ඒ අනුව සිලීනාට සිය බහුතරය අහිමිවීමත් මෙම ඉල්ලා අස්වීමට හේතුවක් විය. 15 May 2026
සුව ඇමති ජිනීවා ලෝක සෞඛ්‍ය සමුළුවට යයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හී දී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුට සහභාගීවීම සඳහා අද (15) ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය. 15 May 2026
චීන සංචාරය අවසන්: ට්‍රම්ප් යයි ඇමෙරිකාවත් චීනයත් අතරේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් සමත් වූහ. ඒ, ලෝක නායකයන් දෙදෙනා අතරේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය. සාර්ථක සාකච්ඡාවලින් පසු ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ නියෝජිතයෝ කණ්ඩායම යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියහ. 15 May 2026
‘කොකේන් සමඟ විදෙස් ජාතික භූ විද්‍යාඥයා අල්ලයි රුපියල් දස කෝටි අසූ ලක්ෂයක් වටිනා ’’ කොකේන් ’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙකු , කටුනායකට ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් අද(15) අත් අඩංගුවට ගෙන තිබේ . 15 May 2026
බස් නැවතුමේ සිටි සැරයන්වරියගේ මාලය කොල්ලකාලා විනය හා කල් ක්‍රියා කොට්ඨාශයේ කාන්තා පොලිස් සැරයන්වරියක රාජකාරියට වාර්තා කිරීම සඳහා බස් නැවතුම්පොලේ සිටියදී යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු සැරයන්වරියගේ ගෙලට කඩුවක් තබා මරණ බවට තර්ජනය කර ගෙල බැඳි රන්මාලය කඩා පලා ගොස් ඇති බව කොස්ගම පොලිසිය පවසයි. 15 May 2026
රාජ්‍ය ව්‍යාපාර වලට කෝප් කමිටුවෙන් පාඩමක් රජය සතු ව්‍යාපාරවල යහපැවැත්මට ශක්තිමත් අභ්‍යන්තර විගණන ක්‍රියාවලියක් අත්‍යවශ්‍ය බව රජය සතු ව්‍යාපාර මූල්‍ය ප්‍රධානීන් සහ අභ්‍යන්තර විගණන නිලධාරීන් අමතමින් කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවැසීය. 15 May 2026
නුවරඑළිය ගොවිහු රජයට අර්තාපල් දෙති නුවරඑළිය ගොවීන් අර්තාපල් අස්වැන්න රජයට ලබා දීම අරඹා ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 15 May 2026
යුද හමුදා සෙබළාගේ සිරුර ළිඳකින් හමුවෙයි ඝාතනය කර ළිදකට දමා ඇතැයි සැක කරන යුද හමුදා සෙබළෙකුගේ මළ සිරුරක් අද (15) හෝමගම පිටිපන මෛත්රිදාස මාවතේ වෙල් යායක් අසල ළිදක තිබී හමු වූ බව හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි. 15 May 2026
ජවිපෙන් තරුණ සමුළුවක් සහකම්පනයක් සහිත තරුණ පරපුරක් බිහි කිරීම අරමුණු කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ රට පුරා තරුණ සමුළුවක්(SYU Youth Summit) ආරම්භ කර තිබේ. 15 May 2026
ගම්පහ කොට්ඨාස 9කට සුළු ගංවතුරක් අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් අද (15) අත්තනගලු ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමෙන් සුළු ගංවතුර තත්ත්වයක් උද්ගතව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 15 May 2026
වැස්සෙන් ජලාශ 40ක් උතුරයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 15 May 2026
තම්බෝවේ වාන් දොරටු 12ක් අරී තබ්බෝව ජලාශයේ වාන් දොරටු 12 ක් විවෘත කර ඇති බව පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය අද(15 ) කියයි. 15 May 2026
මත්පැන් බෝතල් ‘ස්ටිකර්’ ටෙන්ඩරයත් අවදානම්ලු මත්පැන් නිෂ්පාදනවල අළවන ආරක්ෂක සලකුණු මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය අන්තර්ජාතික අත්දැකීම් සහ සුදුසුකම් නොමැතිව සමගාමකට පිරිනැමීමට මුදල් අමාත්‍යංශය සුදානම් වන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය සමිති පවසයි. 15 May 2026
වැස්ස හැටන් පාසල් වහයි මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල්වලට අද (15) මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් නිවාඩු ලබා දී ඇත. 15 May 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026