QR කේතය දිගටම ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද (19) පාර්ලිමේන්තුවේ කීය 19 May 2026
වෛද්‍ය ශිෂ්‍ය ගැටලු සාකච්ඡාවෙන් විසඳනවා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉදිරිපත් කරනු ලබන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදීමට කඩිනම් පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 19 May 2026
ඉන්දියාවේ අලි ඇත් පොරයක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ, අලි ඇතුන් රඳවා තැබෙන කඳවුරක ඇතුන් දෙදෙනකු අතරේ සිදුවුණු ගැටුමකට මැදිවුණු 33 හැවිරිදි සංචාරක කාන්තාවක ජීවිතක්ෂයට පත්වූවාය. 19 May 2026
චාමරගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට පාඩුවක් කලේ යැයි මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සැකකරුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (19) නියෝග කළේය. 19 May 2026
ජනපති රණවිරු සැප දුක බලන්න රාගම යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය. 19 May 2026
සියැට් කැලණි සේවකයෝ දිනෙක වැටුප රටට දෙති දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා ස්ථාපිත කරන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට සියැට් සමාගමේ කැලණිය ශාඛා අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයන්ගේ දිනක වැටුප වශයෙන් රුපියල් 1,148,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ. 19 May 2026
රණවිරු සැමරුමට මාර්ග වැහෙන්නේ මෙහෙමයි ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුක්රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී අද පැවැත්වීමට නියමිතව හෙයින් එම කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්මක් පොලීසිය හදුන්වා දී අැත 19 May 2026
තානාපති කාර්යාල 7කට පොදු වෙබ් අඩවි වේදිකාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ නව පොදු වෙබ් අඩවි වේදිකාව ඊයේ (18) නිල වශයෙන් හදුන්වා දෙනු ලැබීය 19 May 2026
වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් වෙච්ච දේ වාහන ආනයන සීමා ඉවත් කිරීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යෑමෙන් වෙළඳ හිඟය පුළුල් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නේය. 19 May 2026
කොංගෝවේ ඉබෝලා මරණ 100 ක් කොංගෝවේ ව්‍යාප්තවන මාරාන්තික ඉබෝලා වයිරසය මේ වනවිට 100 දෙනකු බිලිගෙන ඇතැයි, අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 19 May 2026
ඇමෙරිකන් මුස්ලිම් පල්ලියකට වෙඩි තියලා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් දියේගෝ නුවර මුස්ලිම් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් තිදනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 19 May 2026
ඉරානයට දැන්ම පහර දෙන්නේ නෑ - ට්‍රම්ප් සෞදි අරාබිය, කටාර් රාජ්‍යය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාරයකට යෑම තාවකාලිකව කල් දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 19 May 2026
පහරදීමකින් දින දෙකකට පසු අයෙක් මිය ගිහින් තොට ළඟ පාළම අසලදී කාන්තාවක සමඟ ඇති ඇතිකර ගත් ආරවුලක් මත එම කාන්තාවගේ පුතුන් දෙදෙනා කළ පහරදීමකින් දින දෙකක් එම ස්ථානයේ වැටී සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. 19 May 2026
‘‘නිරිත දිග මෝසම සක්‍රිය වෙමන් පවතී‘‘ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් සක්‍රිය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 May 2026
ඇහැලියගොඩදී මහ දවල් ඝාතනයක් ඇහැලියගොඩ පොල්වත්ත කඩේ හන්දිය ආසන්නයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ඇහැලියගොඩ පොලිසිය කියයි. 19 May 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ගැලවේ: ගැසට්ටුව පිටවේ වසර ගණනාවක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. 18 May 2026
අන්තරේ මල්වානේ ඉඩමෙන් යයි දොම්පේ ප්‍රාදේශිය ලේකම් බාරයට පත් කර තිබූ මල්වාන ප්‍රදේශයේ පිහිටි අක්කර 16 ක ඉඩමකට ඇතුල් වී පුරා දින පහක කාළයක් එම ඉඩම අත්පත් කරගෙන සිට් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (18) දින එම ඉඩමින් ඉවත් වීමට කටයුතු කරන ලදී. 18 May 2026
මේ රණවිරුවන්ට මල් තියන්නත් අවසර ඕනෑ යුගයක් මේ රණවිරුවන්ට මල් කළඹක් තියන්නත් අවසර ඕනෑ යුගයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. 18 May 2026
තරුණ දිනයට විස මත් විරෝධී පා ගමන් 25ක් ජාතික තරුණ දිනය වෙනුවෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් විෂ මත්ද්‍රව්‍ය විරෝධී පාගමන් 25ක් සංවිධානය කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය. 18 May 2026
බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 30 - ජුනි 01 වෙසක් උත්සවය නිමිත්තෙන් 25වන වරටත් සංවිධානය කෙරෙන බෞද්ධාලෝක වෙසක් කලාපය, බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කරගෙන මැයි 30වන දා සිට ජුනි 01වන දා දක්වා පැවැත්වීමට නියමිතය. 18 May 2026
රණ විරු දිනයට මහින්දගෙන් සටහනක් යුද්ධ කිරීමට තීරණය කළේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකි බව අවබෝධ කරගෙන යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රණවිරු සමරු දිනය වෙනුවෙන් සටහනක් තබමින් පවසයි. 18 May 2026
කොළඹ පාසල් දරුවන්ට දේශීය ආහාර මුල් කරගත් නව ’’ආහාර ප්‍රතිපත්තියක්’’ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සියලුම පාසල් ළමුන් සඳහා පෝෂදායි සෞඛ්යාරක්ෂිත හා දේශීය ආහාරයන්ට මුල් තැන ලබාදෙන ’’ආහාර ප්‍රතිපත්තියක්’’ හඳුන්වා දීමට නගර සභාව ඒකමතිකව තීන්දු කොට ඇත. 18 May 2026
නාගරික සංවර්ධන අරමුදල් මේ අවුරුද්දේම යොදවන්න නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙම වසරේ වෙන් කරන ලද ප්‍රතිපාදන මෙම මූල්‍ය වර්ෂයේ දී නිසි පරිදි යොදවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 18 May 2026
වරාය බත් පතේ රස ගුණ වැඩි කරන්න නියෝග වරාය අධිකාරියේ සේවක මහතුන් වෙත ලබාදෙන ආහාර පැකට්ටුවේ ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (18) උපදෙස් දුන්නේය. 18 May 2026
නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු එයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම සඳහා නව බස් රථ 104 ක් ආනයනය කිරීමට අදාලව ගිවිසුම් ගතවීම බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයේදී අද (18) සිදුකෙරිණ. 18 May 2026
යුද්දෙ ඉවර නොකලා නම් අනුරට යාපනේ ජොගින් යන්න වෙන්නෙ නෑ රණවිරුවො යුද්දෙ ඉවර නොකලා නම් ජනාධිපතිට යාපනේ ජොගින් යන්න වෙන්නේ නැතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 18 May 2026
ත්‍රිවිධ හමුදාවේ 5,289කට උසස්වීම් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට ඔවුන්ගේ ඊළඟ නිල සඳහා උසස්වීම් ලබාදී ඇත. 18 May 2026
දිට්වා හානි බලන්න ලෝක සෞඛ්‍ය සංවිධානය යයි දිට්වා සුළි කුණාටුව නිසා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි නායයෑමේ අවදානමට ලක් වු ප්‍රාදේශීය රෝහල්හි වත්මන් ක්‍රියාකාරීත්වය, ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිස්ථාපන කටයුතූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නිරීක්ෂණයට ලක් විය. 18 May 2026
ත්‍රස්ත පනත අවසන් අදියරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අවසන් අදියරේ පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 18 May 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026