කන්ටේනර් කමිටුව රේගුවේ හිටපු තවත් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරයි කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකාවේ රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂවරයෙකුගෙන් ඊයේ (20) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේය. 21 May 2026
ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක් ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය. 20 May 2026
චාමරට අමතර ඇපය දෙන්න අලගියවන්න ඉදිරිපත් වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මගින් නියම කළ අමතර ඇපය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඉදිරිපත්වි ඇත. 20 May 2026
ඇල්ලෙන් පහළට වැටුණ තරුණයා රෝහලට බණ්ඩාරවෙල අඹදන්ඩේගම කලුවල දියඇල්ලේ මිතුරන් පිරිසක් සමග අද (20) පස්වරුවේ දියනෑමට ගිය තරුණයකු දියඇල්ලේන් පහලට ඇදවැටී බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කල බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 20 May 2026
අපි යුද්ධ කළේ දමිළ ජනතාව එක්ක නොවේ අපි සටන් කළේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සමඟ මිස දමිළ ජනතාව සමග නොවේ යැයි පොදු ජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2026
ධීවර සංස්ථාවේ හිටපු සහකාර ඉංජිනේරුවරයාට ඇප තංගල්ල ධීවර වරාය ජැටිය අලුත් වැඩියා කිරීමේ ටෙන්ඩරය නීත්‍යානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සීය මස්සිනාට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සහකාර ඉංජිනේරු ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා අද (20) නියෝග කළේය. 20 May 2026
කුඩා-මධ්‍ය ව්‍යවසාය ගොඩනගන්න කවුන්සිලයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නියාමන පාලනය ශක්තිමත් කිරීම පිණිස ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 20 May 2026
ජනපති අයවැය රහසක් කියයි ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 20 May 2026
රට විරු දරුවන්ට මසකට දහදාහක් විදේශ රැකියාවල නියුතු මවිපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000 ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැවසූහ. 20 May 2026
ඉරාන තෙල් නැවක් ඇමෙරිකානු හමුදා අත්අඩංගුවට ඉරානයට සම්බන්ධ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉන්දියන් සාගරයේදී ඇමෙරිකානු හමුදාව අත් අඩංගුවට ගෙන ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 20 May 2026
භූත ගුහා - හොල්මන් මන්දිර වෙසක් වලට බෑ මෙවර වෙසක් උත්සවයේදී භූත ගුහා සහ හොල්මන් මන්දිර සංවිධාන කළහොත් ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. 20 May 2026
ශානිට පැනවූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ පාතාල නායක මාකදුරේ මධුෂ් නමැත්තා ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සහ එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කිරීමෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා වළකාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ජූනි 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කළේය. 20 May 2026
අනුර - සුමන්තිරන් මඩකලපු පුස්තකාලය එකට විවෘත කරති මඩකළපුව මහනගර සභාවේ මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අතින් අද (20) පෙරවරුවේ විවෘත කෙරිණි. 20 May 2026
අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට ලෝක පිළිගැනීමක් අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයට (National Institute of Infectious Diseases - NIID) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සුවිශේෂී පිලිගැනීමක් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 20 May 2026
සුව ඇමති ජිනීවා හිදී බංගලි - භූතාන ඇමතිවරුන් හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බංගලිදේශයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍ය M.A. Muhit සහ භූතානයේ සෞඛ්‍ය අමාත්‍ය Tandin Wangchuk යන මහත්වරුන් හමුවී විශේෂ ද්වි පාර්ශවීය සාකච්ඡා පැවැත්වීය. 20 May 2026
මැකෝ හෙට මැතිසබා කමිටුවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර අැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා අැත 20 May 2026
ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා ගිහින් ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන සියය ඉක්මවා ගිහින් තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2026
අධිවේගී මගේ අාදායම් වියදම් වාර්තාව මැතිසබයට සමස්ත අධිවේගී මාර්ගවල දුර කිලෝමීටර් 312.57ක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90 බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 20 May 2026
චීන - රුසියා හවුල්කාරීත්වය ශක්තිමත් කිරීමට ගිවිසුම් රැසක් චීනයේ නිල සංචාරයක නිරත වී සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර අද (20) හමුවක් පැවැති අතර එහිදී දෙරටේ නායකයින් දෙරටේ හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කර ගනිමින් ගිවිසුම් 20කට වැඩි ප්‍රමාණයක් අත්සන් තැබුවේය. 20 May 2026
කිරිපිටි රුපියල් 125කින් ඉහළට ආනයනික කිරිපිටි මිල රුපියල් 125 කින් ඉහළ දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (20) පැවසීය. 20 May 2026
’’හිත රිදුණනම් සමාවෙන්න’’ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහත්වරුන් අතර ඇතිවූ කතාබහක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් අද පෙරවරුවේ ඇතිවිය. 20 May 2026
රණවිරු ස්මාරකයේ සිද්ධියට නඩු දැම්මොත් මුහුණ දෙනවා රණවිරු ස්මාරක අසලදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම නඩු කටයුත්තකට මුහුණදීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 20 May 2026
මන්ත්‍රී චාමර සභාවෙන් ඉවත් කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට මොහොතකට පෙර නියෝග කළේය. 20 May 2026
ගල්අඟුරු විමර්ශන වාර්තා සී.අයි.ඩියට අල්ලස් කොමිසමට ගල්අඟුරු මිලදී ගැනීම් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ හඳුනාගත් කොටස් වැඩිදුර අධ්‍යයනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබා දීමට තීරණය කර ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නිශාන්ත සමරවීර ප්‍රකාශ කළේ ය. 20 May 2026
ලොරියට සහ බසයට සිරවී කාර්මික ශිල්පියා මරුට බගවන්තලාව පොලිසිය ඉදිරිපිට නතර කර තිබූ ලොරි රථයක පෞද්ගලික බස් රථයක් ගැටී ලොරි රථයේ පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වූ බව බගවන්තලාව පොලසිය කියයි. 20 May 2026
වියලි කලාපය කිරෙන් උතුරවන්න ජපාන උදව් වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2026
වසරකදී අලුතින් පිළිකා රෝගීන් 18000ක් වසරකදී පිළිකා රෝගීන්15000ත් 18000ත් අතර ප්‍රමාණයක් සමාජයට අලුතින් එක්වන බවත් ඉන් 2000ක් පමණ රුධිර ගත පිළිකා රෝගීන් බවත් මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පැවසීය. 20 May 2026
පොලිසිය වෙඩි තබා හරක් හොරු අල්ලයි පොලිස් අණ නොතකා පලාගිය ගවයින් ප්‍රවාහනය කළ ලොරියකට හුංගම පොලිසිය අද අලුයම හුංගම කට්ටකඩුව ප්‍රදේශයේදී වෙඩි තබා අල්ලා ගත් බව පොලිසිය පැවසීය . 20 May 2026
කතුන්ට -දරුවන්ට හිංසන වලක්වන්න සහයෝගීතා ගිවිසුමක් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය පිළිබඳව ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ කණ්ඩායමේ ව්‍යාපෘතිය සඳහා යාපනය විශ්ව විද්‍යාලය සම්බන්ධ වීමට අදාළ සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2026
දේශපාලනය සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නොවේ දේශපාලනය සංවර්ධනයෙන් වෙන් වූ දෙයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 20 May 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026